spot_img

ආසාදිතයන් තවත් ඉහළට. මුළු ගණන 11,335යි.

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 275 දෙනකු අද (02) දිනයේ වාර්තා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොාරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,335 දක්වා ඉහළ ‌ගොස් ඇත. අද පෙරවරුවේ මෙරට 22 වැනි කොරෝනා ආසාදිත මරණය වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුව ද පසුව එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරසිංහ මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම මියගිය පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බව මරණයෙන් පසු දැනගත්ත ද මරණයට හේතුව කොරෝනා ආසාදනය නොවන බවයි. කලින් ප්‍රකාශ කළේ ඔහු සියදිවි නසා ගත් අයකු බවයි.

ඒ අනුව යළි මරණ සංඛ්‍යාව සංශෝධනය කළ බැවින් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා මරණ ගණන 21 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles