දෙවැනි එලිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වී තිබේ. බ්‍රිතාන්‍ය අධිරාජිනිය වූ ඇය 1972 දී ශ්‍රී ලංකාව ජනරජ ව්‍යවස්ථාාව ගෙන එන තුරු 1952 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ද පිළිගැණිනි.
සෞඛ්‍ය තත්වය දුර්වල වීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෙද්‍යෙවරුන්ගේ අධීක්ෂණය යටතේ පසු වූ ඇය ඊයේ (09) සවස ජීවිතයෙන් සමුගත්තාය.
අභාවප්‍රාප්ත වන විට 96 වැනි වියේ පසු වූ මහ රැජින 70 වසරක් බ්‍රිතාන්‍ය කිරුළ දැරූ අතර ඇය වැඩිම කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරූ තැනැත්තා ද වෙයි. 1952 වර්ෂයේ දී කෙන්යාවේ සංචාරයක නිරතව සිටිය දී සිය පිය රජුගේ අභාවය සැළ වූ ඇය සිය සංචාරය අතර මඟ නවතා බ්‍රිතාන්‍යයට ගිය අතර පිය රජුගේ අවමංගල්‍යය අවසන්වීමෙන් පසු රාජ්‍යත්වයට නිල වශයෙන් පත්වූවාය.
රැජින අවසන් හුස්ම හෙළද්දී කිරුළේ මීළඟ හිමිකරු චාර්ල්ස් කුමාරයා ඇතුළු රාජකීය පවුලේ සමීපතමයන් බොහේ දෙකු ඇය සමඟ සිටි බව ද වාර්තා වෙයි.
පසුගිය ජූලි මාසයේ දී අයහපත් සෞඛ්‍ය තත්වයට පත් වූ ඇය එ් හේතුවෙන් ම රාජකීය කටයුතුවලින් ඈත්ව ඇබර්ඩීන් හි බැල්මොරාල් මන්දිරයේ වාසයට ගොස් සිටියාය.