spot_img
spot_imgspot_img

ගංවතුර හේතුවෙන් රථ ගාලක සිරවුණු හත්දෙනකු ජීවිතක්ෂයට

පුවත්

විදෙස්

සුළි කුණාටුවක් හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයකදී භූගත රථගාලක සිරවුණු දකුණු කොරියාවේ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් තම මෝටර් රථ ඉවතට ගෙන යෑමට ජලයට බැස ඇති නමුත් නැගී එන ජල ප්‍රවාහයට හසුවීමෙන් අනතුරට ලක්වී ඇත.

කාර්ය මණ්ඩලය පැවසුවේ, ඔවුන්ගෙන් දෙදෙනකු දිවි බේරාගෙන ඇති බවයි. ඔවුන් පැය 12 කට වැඩි කාලයක් රථගාලේ සිවිලිමේ පයිප්පවල එල්ලී දිවි ගලවා ගත් බව වාර්තා වේ.

මේ වසරේ මෙතෙක් ඇති වූ ප්‍රබලතම සුළි කුණාටුව ලෙස හැඳින්වෙන හිනම්නෝර් සුළි කුණාටුව හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර එය මේ සතිය මුලදී දකුණු කොරියාවට බලපෑවේය.

අඟහරුවාදා රාත්‍රියේ, සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යට වූ බිම් මහලට ඇතුළු වීමට සහන සේවකයින්ට දුඹුරු පැහැ වතුර මීටර් ගනනක් හරහා ගමන් කිරීමට සිදු විය.

Yonhap පුවත් වෙබ් අඩවියට අනුව, පුද්ගලයින් නව දෙනාම මහල් ගොඩනැගිල්ලක පදිංචිකරුවන් වන අතර, අඟහරුවාදා උදෑසන කළමනාකරණ කාර්යාලයෙන් ඔවුන්ගේ මෝටර් රථ රථගාලෙන් ගෙන යන ලෙසට ඔවුන්ට දන්වා ඇත.

දිවි ගලවා ගත් අය, 30 හැවිරිදි පිරිමි පුද්ගයයෙකු සහ 50 හැවිරිදි කාන්තාවකි.

ජනාධිපති යූන් සුක්-යෙයෝල් දියේ ගිලී මියයෑම් පිළිබඳ සිය ශෝකය ප්‍රකාශ කළේ එය “ව්‍යසනයක්” ලෙස හඳුන්වමිනි.“මේ ඛේදවාචකය නිසා මට ඊයේ රෑ නිදාගන්න බැරි වුණා.”හෙතෙම පැවසීය. තමා එම නගරය විශේෂ ආපදා කලාපයක් ලෙස නම් කළ බවත් බදාදා එම කලාපයට යන බවත් ඔහු පැවසීය.

ඛේදවාචකය සිදු වූ පොහැන්ග් නගරයට දරුණුතම හානිය සිදුවී ඇත. කුණාටුව අතරතුර වෙරළාසන්න හෝටලයක් එහි අත්තිවාරම මත කඩා වැටී ඇත. සංචාරක නිකේතන ක්‍රියාකරුවන් බීබීසීයට පැවසුවේ අමුත්තන්ට තුවාල සිදුවී නොමැති බවයි.

සඳුදා සහ අඟහරුවාදා දිනවල දකුණු කොරියාවේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන් හරහා, තද සුළං සහ අධික වර්ෂාවක් ඇති කරමින්, හමා ගිය, Hinnamnor සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

බුසාන් සහ උල්සන් ඇතුළු දකුණේ තවත් නගර කිහිපයක ද කුණාටුවෙන් ඇති වූ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙයි.

නැඟෙනහිර ආසියාවේ බොහෝ රටවල් මෙන් දකුණු කොරියාවේ ද පසුගිය මාස කිහිපය තුළ අධික වර්ෂාපතනය මෙන්ම වාර්තාගත උෂ්ණත්ව තත්ත්වයන් පැවතිණ.

අගෝස්තු මස මුලදී, සෝල් අගනුවර ඇතුළු නගර ජලයෙන් යට කළ දැවැන්ත වර්ෂාපතනයක් වාර්තා විය. 

https://www.bbc.com/news/world-asia-62816374

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!