කොරෝනා මරණයක් අඩු කරයි

0
115

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් අතරින් 22වැනි මරණය සිදුව ඇති බවට රජය විසින් අද (02) උදෑසන නිවේදනය කළ ද එම මරණය කොරෝනා මරණයක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පස්වරුවේ ප්‍රකාශ කරන ලදී.

ඒම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ඔක්තෝබර් 31 වැනි දින පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් සිටි 27 හැවිරිදි තරුණයා කොරෝනා ආසාදිතයකු බවට මරණයෙන් පසු තහවුරු වූ බවයි. එම මරණය මෙරට කොරෝනා ආසාදනයෙන් වූ 22 වැනි මරණය බව වසංගත රෝග විද්‍යා අංශය විසින් ම වාර්තා කළ ද මෙම මරණයට කොවිඩ් – 19 වයිරසයේ දායකත්වයක් නැතැයි පසුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කොවිඩ්-19 වසංගතයේ බලපෑම තක්සේරු කිරීම සඳහා වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණ බැවින් මෙම මරණය වෙන ම වාර්තා කිරීමට තීරණය කළ බවයි.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනයවීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 21ක් පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here