-2.5 C
New York

ග්ලයිෆෝසේට් ආනයනයට අවසර. ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට

Published:

වල් නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට රජයේ මුදල් පිළිිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ආනයනය හා අපනයන (පාලන) පනත යටතේ ග්ලයිෆෝසේට් ආනයනයට අවශ්‍ය රෙගුලාසි සහිත ගැසට් පත්‍රය හෙට (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වී මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. එහි දී 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ග්ලයිෆෝසේට් ආනයනයට ඇති හැකියාව සොයා බලා අදාල අනුමැති දී ඇතැයි ද වාර්තා වේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ මේ අවසරය ලබාදෙන්නේ කොන්දේසි සහිතව බවයි. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ  නිර්දේශයට යටත්ව ආනයන බලපත්‍ර නිකුත් කරනු ඇත. මෙරට වැවිලි බෝග සඳහා ග්ලියිෆෝසේට් භාවිතය සම්බන්ධ වාර්තා පරිශීලනයෙන් ඉදිරි පියවර ගත යුතු බව ද මුදල් පිළිබඳ කාරක සභාව දැනුම් දී තිබේ.

එම කාරක සභාවේ පැවැති සාකච්ඡාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, විජිත හේරත්, ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආචාර්ය සුරේන් රාඝවන්, එම්.ඒ. සුමන්තිරන්, හර්ෂණ රාජකරුණා, චමින්ද විජේසිරි, අනූප පැස්කුවල්, රංජිත් බණ්ඩාර යන අය සහභාගී වී සිටියහ.

එසේම මුදල් අමාත්‍යාංශය, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය යන ආයතනවල නිළධාරීන්ද මෙම රැස්වීමට සහභාගී වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඔන්ලයින් ක්‍රමයට අදහස් දක්වා තිබේ.

Related articles

Recent articles

spot_img