-1 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වයට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 37,219ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,136 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 49කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,366ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 846
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 646
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 573

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 61
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 30
  • සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 17

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං (X) සමාගම 50%
  • සමූපකාර රක්ෂණ සමාගම සමාගම 25%
  • නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම 24%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • මෙල්ස්ටා කොප් සමාමේ කොටස් ලක්ෂ 04ක් රුපියල් 57.50 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් මිලියන 2.5ක් රුපියල් 225.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 432
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 289
  • එල්ඕඑල්සී ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 204

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 709ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 61ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 647ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 594
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 51
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 09

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 08
  • ෆෝර්ට් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 05
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img