සීනිගම දේවාලයේ උත්සවයකට බව කියමින් නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතාකරමින් මීටියාගොඩ පොලිසිය සහ දේවාලයේ භාරකාර මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට අපාහස කරමින් අපරාධමය වරදක් සිදුකරන බව සඳහන් කරමින් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා කරුණු ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව ඒ බව මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර තිබේ
මෙලෙස කරුණු ඉදිරිපත් කර ඇත්තේ සීනිගම, වැරැල්ලාන සහ හික්කඩුවේ පදිංචි පුද්ගලයන් පිරිසක් සහ ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව නමැති සංවිධානය විසිනි.
ශබ්ද දූෂණය සම්බන්ධයෙන් 2007 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් SC FR 38/2005 අනුව ලබාදුන් නියෝගයක් ඇත. එම නියෝගය පදනම් කරගනිමින් 2031/2007 අංක යටතේ පොලිස්පතිවරයා විසින් ශබ්ද විකාශන සම්බන්ධ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.
එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ පොලිස්පති චක්‍රලේඛය අනුව කිසිම පොදු ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාකරවිය නොහැකි අතර ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ලබා දෙන පෝරමයේ පසු පිටෙහි (ඉ) අකුරෙන් දක්වා ඇති උපදෙසෙහි සඳහන් වන්නේ පුද්ගලික ඉඩමක මිස මාර්ගවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ නොහැකි බවයි.
එසේ නියෝග තිබිය දී මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ පවා උල්ලංඝනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ද නොතකා අදාල බලපත්‍රය නිකුත් කර ඇත.
මේ පිළිබඳ අප මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඉහළින් ලැබුණු නියෝගයකට අනුව ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍රයක් නිකුත් කළ බවයි. නමුත් ඔහු එයට අදාල නීතිය දන්නා බවක් පෙනෙන්නට නැත.
සීනිගම දේවාල පරිශ්‍රයේ සිට කිලෝ මීටර 02ක් පමණ දුරට මෙලෙස ශබ්ද විකාශන යන්ත්‍ර ගැට ගසා මහ හඬින් ප්‍රදේශය පුරාම ශබ්ද විසුරුවා හරින දේවාලයේ භාරකාර මණ්ඩලය සිදුකරන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් බව අද සිදුකර ඇති පැමිණිල්ලේ දක්වා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ 2031/2007 පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය අනුව ද මෙය දණ්ඩනීති සංග්‍රහයේ 261 වගන්තිය අනුව ද අපරාධමය වරදක් වෙයි. ඒ සම්බන්ධයෙන් පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය අනුව කටයුතු කිරීම අවශ්‍ය වෙයි.
මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංක 119 සහ පොලිස් කොමිසමේ හදිසි ඇමතුම් අංකය 1960ට, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණට දැනුම් දී ඇතත් පොලිසිය තවමත් නීතිය ක්‍රියාත්මක කර නැත. පසුගිය සැප්තැම්බර් 01 වැනි දා සිට ලබන 10 වැනි දා දක්වා මෙම ශබ්ද දූෂණය සිදුකිරීමට දේවාල භාරකරුවන් සහ මීටියාගෙඩ පොලිසිය කටයුතු කරමින් සිටියි.
මේ සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසියට පැමිණිලි කළ පසු එම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් සීනිගම කුසුමාරාම විහාරාධිපති අකුරළ මංජුල තිස්ස හිමියෝ පැමිණිලිකරුවන්ට දෙස් දෙවොල් තබමින් බැණ වැදුණහ. පොලිසියට අපරාධමය වරදක් දැනුම් දුන් විට පොලිසිය එම ඔත්තුව සැපයූ පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධකරුවන්ට අනාවරණය කර ඇති බව එයින් පැහැදිළි වෙයි.
කෙසේ වෙතත් ආගමික වෛරය පැතිරවීම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත (ICCPR) ඇප ලැබිය නොහැකි වරදකි. සීනිගම කුසුමාරාම විහාරාධිපති අකුරළ මුංජුල තිස්ස හිමියන් එය එතරම් බරපතල වරදක් බව නොදන්නවා විය හැකිය. නමුත් නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් ද නොවන බව හිමියන් දැන සිටින බව නම් නොරහසකි.
මේ නීති විරෝධී ශබ්ද විකාශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද පැමිණිලි කර ඇති අතර එහි දී හික්කඩුව ප්‍රදේශවාසීන්ට අධික ශබ්දයක් විකාශය කරමින් ඔවුන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කරන බවත්, ආගමික දේශනා බලහත්කාරයෙන් ඇසීමට සැළැස්වීම තුළින් තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහසට බාධා කරන බවත් පැමිණිලිකරුවන්න විසින් දක්වා ඇත.
එමෙන් ම පොලිසිය මානව හිමිකම් වගන්ති 12.1 අනුව සමානිතයන්ට සමාන ලෙස නොසළකමින් පීඩාවට පත් වූ තමන්ට යුක්තිය ඉටුනොකරන බව ද පැමිණිලිකරුවන් මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට කරුණු වාර්තා කිරීමේ දී එහි වගඋත්තරකරුවන් ලෙස සීනිගම දේවාලයේ භාරකාර මණ්ඩලය, මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ අකුරළ මංජුල තිස්ස හිමි නම්කර ඇත.