5.4 C
New York

ඇෆ්නිගස්ථානයේ සහ චීනයේ භූ කම්පන වලින් 15 දෙනකු මරුට

Published:

ඇෆ්ගනිස්ථානයේ  ඊසානදිග අද(05) අලුයම ඇතිවූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබේ. මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ප්‍රාදේශීය නිලධාරියෙකු උපුටා දක්වමින් රාජ්‍ය පුවත් ඒජන්සිය පවසයි.

රික්ටර් මාපකයේ 5.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය නැගෙනහිර ජලාලාබාද් නගරය ආසන්නයේ අලුයම සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) ආයතනය පවසයි.

“භූමිකම්පාවෙන් කුනාර් පළාතේ දැඩි අලාභ හානි සිදුවී ඇත,” පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

මේ අතර චීනයේ සිචුවාන් හි ඇතිවූ රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවක් ඇති වූ අතර අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තිබේ. භු කම්පනයෙන් පළාත් අගනුවර වන චෙන්ග්ඩු සහ අනෙකුත් පළාත් කම්පා විය. එය 2017 සිට කලාපයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව වෙයි.

භූ කම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 50ක් (සැතපුම් 31ක්) ඇතුළත පිහිටි වේල්ලට හෝ ජල විදුලි බලාගාරවලට හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

https://www.reuters.com/world/china/chinas-sichuan-hit-by-provinces-strongest-earthquake-since-2013-2022-09-05/

https://www.reuters.com/world/asia-pacific/least-8-people-killed-earthquake-north-eastern-afghanistan-2022-09-05/

Related articles

Recent articles

spot_img