-1 C
New York

තරුණියගේ ඝාතනයට සැකපිට සජබ සංවිධායක රිමාන්ඩ්

Published:

සමගි ජන බලවේගයේ කෑගල්ල කාර්යාලයේ දී මියගිය තරුණිය ඝාතනය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් ආසන සංවිධායකවරයා ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ දිසානායක මුදියන්සේලාගේ ලක්ෂ්මන් දිසානායක නමැති අයෙකි.

ඝාතනයට ලක්ව තිබුණේ කෑගල්ලේ පදිංචිව සිටි  අහංගම විදාන ආරච්චිලාගේ සකුන්තලා වීරසිංහ නැමැති 38 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

සමගි ජන බලවේගයේ කෑගල්ල ප්‍රධාන කාර්යාලයේ දී කාන්තාවක් වෙඩි වැදී මියගොස් සිටි අතර ඇගේ අතෙහි පිස්තෝලයක් ද තිබිණි. මෙය සිය දිවිනසාගැනීමක් හෝ ඝාතනයක් ද යන්න සැකයක් තිබුණු අතර ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ මහේස්ත්‍රාත් නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයකට ද යොමු කෙරිණි.

පශ්චාත් මරණන පරීක්ෂණ්‍ය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තරංග බණ්ඩාර නායකරත්න විසින් සිදුකළ අතර එහි දී අනාවරණය වී තිබුණේ එම කාන්තාවගේ ගෙල හිර කිරීමකින් සහ වෙඩි වැදීමකින් මහා ධමනියේ ඇති වූ ඉරීමකින් පසු කුහරයට රුධිරය එකතු වී මරණයට  පත්ව ඇති බවයි.

පොලිසිය අධිකරණයේ දී කියා සිටියේ මෙම කාන්තාව කෑගල්ල ආසන සංවිධායකගේ කාර්යාලයේ වසර 17කට ආසන්න කාලයක් සේවය කර ඇති බවයි.

Related articles

Recent articles

spot_img