-1 C
New York

කොටස් වෙළෙඳ පොළට විදෙස් ආ‍යෝජකයන්ගෙන් රුපියල් බිලියන 2.1ක්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය දින 07ක කාලයේ දී විදේශීය ආයෝජකයන්ගේ ශුද්ධ ආයෝජන ගලා ඒමක් දක්නට ලැබිණි. ඒ අනුව අවසාන දින 07 තුළ දී පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 2.1ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කර තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (02) දිනයේ ගනුදෙනු 32,075ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,208ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 61කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,316ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 851
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 697
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 430

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 32
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 24
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම සමාගම 24%
  • සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 21%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම කොටස් මිලියන 4.1 රුපියල් 151.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 2.5ක් රුපියල් 225.00 බැගින්
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම කොටස් මිලියන 2.5ක් රුපියල් 44.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 429
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 276
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 177

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 807ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 281ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 526ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 599
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 19
  • බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 09

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 50
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 23
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 22

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img