ඔත්පලව සිටි තම පියාට යකඩ මුගුරකින් පහර දී ඝාතනය කළ පුතකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. ඔහු තම මවට ද පහරදීම හේතුවෙන් තුවාල ලැබූ මව කළුබෝවිල රෝහලට ඇතුළත් කර සිටියි.
පොලිසිය පවසන්නේ පුතාගේ පහර දීමෙන් මියගොස් ඇත්තේ වසර දෙකක පමණ කාලයක් ඔත්පලව එක්තැන් වී සිටි 70 හැවිරිදි අයකු බවයි. මව සහ පියා සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ඔහු මෙලෙස පහර දීම සිදුකර ඇත.
මෙම ඝාතනය සම්බන්ධ මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.