spot_img
spot_imgspot_img

විදේශයකදී මත්ද්‍රව්‍ය ගත් ඔලිම්පික් ශූරයාට තරඟ තහනමක්

පුවත්

විදෙස්

සිංගප්පූරුවේ ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම්ලාභී ජෝසප් ස්කූලිං වියට්නාමයේදී ගංජා පානය කළ බව පිළිගැනීමෙන් අනතුරුව තරඟ තහනමකට ලක්ව තිබේ.

“මම සිදුකළ දේ සම්බන්දව මට කණගාටුයි,” ඔහු පැවසීය.

2016 රියෝ ක්‍රීඩා උළෙලේදී රටේ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගත් 27 හැවිරිදි ඔහු දේශීයව ක්‍රීඩා වීරයෙකු බවට පත්විය.

එහෙත් දැඩි මත්ද්‍රව්‍ය නීති සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රටක මෙම සිද්ධිය මතභේදයට තුඩු දී තිබේ.

බොහෝ දෙනෙක් ජාතික පිහිනුම් ක්‍රීඩකයා ගැන අනුකම්පාව පළ කළ අතර, ඔහුගේ පියා පසුගිය නොවැම්බර් මාසයේදී මිය ගිය අතර ක්‍රීඩකයෙකු ලෙස ඔහු දැවැන්ත පීඩනයකට මුහුණ දී සිටින බව සඳහන් කළේය.

“සෑම තරුණයෙකුම වැරදි කරයි,” එක් පුද්ගලයෙක් අදහස් දැක්වීය. 

කෙසේ වෙතත්, ස්කූලින් මහතා හෙළා දුටු අය ද සිටියහ.

“ජාතික ආදර්ශයක් විය යුතු ඉහළම ක්‍රීඩකයෙකු ලෙස එය කිසිසේත්ම පිළිගත නොහැක” යනුවෙන් ෆේස්බුක් විචාරකයෙක් පැවසීය.

සිංගප්පූරුව තම භූමිය තුළ මත්ද්‍රව්‍ය භාවිතය තහනම් කරන අතර විදේශයන්හි මත්ද්‍රව්‍ය ගන්නා අයට නඩු පවරයි. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සඳහා මුත්‍රා පරීක්ෂණ අසමත් වන පුරවැසියන්ට හෝ ස්ථිර පදිංචිකරුවන්ට වසර 10ක් දක්වා සිරදඬුවමක් සහ විශාල දඩයකට යටත් වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා අනිවාර්ය මරණීය දණ්ඩනය ද එහි ඇත, එය වඩ වඩාත් මතභේදයට තුඩු දී ඇත්තේ සිංගප්පූරු තරුණයන් මරණ දඬුවමට එරෙහිව කතා කිරීමට පටන් ගැනීමත් සමඟ ය.

නිවේදනයක් නිකුත් කරමින්, ස්කූලින් මහතා සමාව අයැද සිටියේ ඔහුගේ ක්‍රියාව ඔහුගේ පවුලේ අයට සහ ඔහු දෙස බලා සිටි තරුණ රසිකයන්ට රිදවීමට හේතු වූ බව පවසමිනි.

“මගේ ජීවිතයේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කිරීමෙන් පසු මම දුර්වලතාවයකට මුහුණ දුන්නා,” ඔහු පැවසීය.

තවත් ජාතික පිහිනුම් ක්‍රීඩිකාවක් වන 29 හැවිරිදි අමන්දා ලිම් ද ගංජා පානය කළ බව පිළිගෙන ඇත. මධ්‍යම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ඇයට අවවාද කර ඇත.

“කිසිදු නිදහසට කරුණක් නොමැති අතර, මම මට ලබා දී ඇති අනතුරු ඇඟවීම බැරෑරුම් ලෙස සලකමි, මගේ වැරදි ගැන මෙනෙහි කරමි,” ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

https://www.bbc.com/news/world-asia-62734018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles