-2.5 C
New York

රාජ්‍ය ආයතන අඩු කළ යුතු යැයි චම්පික කියයි

Published:

රටේ ඇති රාජ්‍ය ආයතන එක් කාර්යයක් සඳහා එක් ආයතනයක් ලෙස අඩු කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික පාඨලී රණවක අද (31) අය වැය විවාදයට එක්වෙමින් පාර්ලමේන්තුවේ දී කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන දහසක් පමණ තිබෙන බවයි.

“එක වැඩකට එක ආයතනයක් තිබුණාම හොඳටම ඇති. පොල් සංවර්ධනයට විතරක් ආයතන තුනක් තියෙනවා. එවැනි ආයතන රැසක් ලංකාව් තිබෙනවා. මේවා විධිමත් කළමනාකරණයක් කරලා ආයතන ප්‍රමාණය අඩු කළ යුතුයි. සියලු දේ පුද්ගලීකරණය කිරීමෙන් ලාභ උපයන්න පුළුවන් කියා මා විශ්වාස කරන්නේ නැහැ. අපි රාජ්‍ය ආයතන කළමනාකරණය කළ යුතුයි.” යැයි ද චම්පික පාඨලී රණවක මන්ත්‍රීවරයා කීවේය.

Related articles

Recent articles

spot_img