කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ඔසුසැළ අසළ පෝළිමේ සිටින ජනතාව මීටරයක සමාජ දුරස්ථ බව තබාගන්නේ නැත. එතැන ඔවුන්ට උපදෙස් දෙන්නට ද කෙනෙක් නැත. මේ නිරෝධායනය නීති කඩා දැමීමක් නොවේ ද ?
රජය විසින් ගැසට් කර නීතිගත කරන ලද නිරෝධායන රෙගුලාසි අනුව පොදු ස්ථානයන්හි අවම දුර මීටරයක් තිබෙන පරිදි සමාජ දුරස්ථ බව තබාගැනීම අනිවාර්ය කරුණකි.
එසේ සමාජ දුරස්ථ බව තබා නොගෙන පෝළිම් ගැසී සිටින අය අත්අඩංගුවට ගන්නා බව ද බලධාරීහු පසුගිය දා ප්‍රකාශ කළහ. කරාපිටිය ශික්ෂණ රෝහල වැනි දහස් ගණනක් රෝගීන් නිරන්තරව ම ගැවසෙන ස්ථානයන්හි මේ සමාජ දුරස්ථභාවය අතිශය වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඈත ගම්වලින් පැමිණ ඖෂධ ගැනීමට පෝළිමේ සිටින මේ ජනතාවට නිසි උපදෙස් දෙන්නට කිසිවෙකුත් නැත. ඔවුන් කොරෝනා වයිරසයේ ගොදුරක් නොවනු ඇතැයි කාටනම් කිව හැකි ද ?
(ඡායාරූප – අනුෂ්ක ලියනගේ)