spot_img

අන්තරේ පා ගමනට පොලිසියෙන් ප්‍රහාර

පුවත්

විදෙස්

මරදානේ සිට කොළඹ මහා නගර සභාව දෙසට ගමන් කරමින් තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කළේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන කිහිපයක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

මෙම පා ගමන මරදාන එල්පින්ස්ටන් රඟහළ අසළ සිට ටෙක්නිකල් හන්දිය හරහා පිටකොටුව දෙසට යන බව දැනුම් දී තිබුණු ැවින් පොලිසි ටෙක්නිකල් හන්දිය ආසන්නයේ පොලිස් බල ඇණි සහ කැරළි මර්ධන ඒකක රඳවා විරෝධතාව විසුරුවා හැරීමට සූදානම්ව සිටියේය.

විරෝධතා සංවිධායකවරු මාර්ගය වෙනස් කරමින් මරදානේ සිට කොළඹ මහා නගර සභාව දෙසට ගමන් ආරම්භ කළ අතර රෝහල් චතුරශ්‍රයට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ දී පොලිසිය පෙලපාළිය කඳුළු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කළේය.

එම ප්‍රහාරත් සමඟ විරෝධතාකරුවෝ ටෙක්නිකල් හන්දිය දෙසට ආපසු ගමන් ආරම්භ කළ අතර පොලිසිය ඇතුළ ආරක්ෂක අංශ ඔවුන් පසුපස හඹා යමින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම ප‍්‍රදේශය යුද පිටියක් සේ දිස්විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සාමකාමී විරෝධතාකරුවන් මර්ධනය කිරීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසත් අත්අඩංගුවට ගත් අරගලකරුවන් නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

මේ හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී දැඩි වාහන තදබදයක් ද හටගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles