4.6 C
New York

මැඩගස්කරයේ පොලිස් වෙඩි තැබීමකින් 19 දෙනෙකු මරුට

Published:

මැඩගස්කරයේ පොලිස් ස්ථානයකට කඩා වැදීමට උත්සාහ කළ පිරිසකට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඇන්ටනානාරිවෝ අගනුවරට කිලෝමීටර් 330ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි ඉකොන්ගෝ නගරයේ මෙය සිදුව ඇති අතර, ප්‍රදේශයේ සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආරක්ෂක අංශ යවා ඇති බව පොලිස් නිවේදනයක දැක්වේ.

පොලිසියේ රඳවා සිටි සැකකරුවන් හතර දෙනෙකු අල්ලා ගැනීමට පිරිසක් පොලිස් ස්ථානයට කඩා වැදීමට උත්සාහ කිරීමත් සමඟ මෙම ගැටුම ආරම්භ වී ඇත.

https://www.reuters.com/world/africa/madagascar-police-shooting-leaves-19-dead-police-say-2022-08-30/

Related articles

Recent articles

spot_img