-1 C
New York

ගෙල කපා තරුණයකු මරා දමලා

Published:

තියුණු ආයුධයකින් ගෙල කපා තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තාවන බව ගණේමුල්ල පොලිිසය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක තරුණයෙකි. මියගිය තරුණයා වෙළෙඳ සැළක හිමිකරුවකුට පහර දී ඇති බවත් මේ ඝාතනයට හේතුව එම ආරවුල විය හැකි බවත් පොලිසිය සඳහන් කරයි.

මියගිය තරුණයා පදිංචි නිවසට යාබ ද පාළු නිවසක් සහිත ඉඩමක දී ඔහුගේ ගෙල හිසෙන් වෙනවන ආකාරයට කපා දමා තිබූ බව පොලිසිය කියයි.

ඝාතනයට සැකපිට වෙළෙඳ සැල් හිමිකරුගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img