මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අලින්ගේ මන්ද පෝෂණ තත්වයයක් දක්නට ලැබෙන බවත් අලි ගහණයත් ඉතා සීඝ්‍රයෙන් අඩු වී ඇති බවත් පර්යේෂකයෝ කියති.
අලි ගැන දීර්ඝ කාලීන පර්යේෂණවල නිරතව සිටින ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු සහ ආචාර්ය සුමිත් පිලපිටිය මේ බව ප්‍රකාශ කරයි.
ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පවසන්නේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අලින් අතර මන්දපෝෂණය දැඩිව දක්නට ලැබෙන බවයි. පසුගිය ජුනි 30 වැනි දා වැව් පිටියක මියගොස් සිටි අලි පැටවකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ මරණය සිදුව ඇත්තේ ආහාර නොලැබීම සහ අධික මන්දපෝෂණයෙන් බවයි. මේ වනවිට තවත් ගැහැනු සතකු මන්දපෝෂණයෙන් දැඩිව පීඩා විඳිමින් මරණාසන්නව සිටින බව ද හෙතෙම පවසයි.
එමෙන්ම අලි රංචුවල සිටින බොහෝ අලින් කෘෂ වී වැහැරුණු සිරුරු සහිතව දක්නට ලැබෙන බවත් මින්නේරිය වනයේ සැරිසරන තනි අලි පවා කෙසඟ වී ඇතැයි ද ආචාර්ය පෘථිවිරාජ් පවසයි.
මේ අතර ආචාර්ය සුමිත් පිලපිටිය පවසන්නේ 2016 වර්ෂයේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පිහිටි මින්නේරිය වැව පිටියේ අලි ඇතුන් 354ක් නිරීක්ෂණය කළ හැකි වුව ද දැන් එම වැව් පිටිවලට පැමිණෙන අලි ඇතුන් සංඛ්‍යාව 50ක් දක්වා අඩු වී ඇති බවයි. ඔහු සෑඹ වර්ෂයක ම සැප්තැම්බර් මාසයේ දී නිරීක්ෂණය කරන අතර පසුගිය 2021 සැප්තැම්බර් මාසයේ දී ඔහු නිරීක්ෂය කර ඇත්තේ අලි 20 දෙනකු පමණි. ඔහු පවසන්නේ මින්නේරිය වැව් පිටියෙන් අලි ඇතුන්ට අපේක්ෂති ආහාර ඉලක්කයන් සපුරාගත නොහැකි වීම හේතුවෙන් මෙවැනි තත්වයක් ඇතිවී තිබෙන බවයි.
(මව්බිම)