බරපතළ වැඩ සහිතව වසර 04ක සිර දඬුවම් විඳිමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන රන්ජන් රාමනායක නිදහස් කිරීමේ දී නැවත කිසිම දිනයක අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් නොකරන ලෙස කොන්දේසියක් ජනාධිපතිවරයා විසින් පනවා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රන්ජන් රාමනායක නිදහස් කිරීමේ ලියවිල්ලට අත්සන් තබා ඇත්තේ එම කොන්දේසිය ඇතුළත් කරමිනි.
ඒ අනුව ඊයේ (26) සවස 2.45ට පඹණ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටව යාමට රන්ජන් රාමනායකට හැකියාව ලැබිණි.
රන්ජන් රාමනායකට නිදහස ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේය. 34(2) වගන්තිය යටතේ සමාව ලැබුණේ නම් ඔහුට එම මොහොතේ සිට ම දේශපාලන අයිතිය ද හිමිවෙයි.
මේ පිළිබඳ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්කෂ පවසන්නේ දැනට රන්ජන් රාමනායකට ලබා දී ඇත්තේ 34(1) වගන්තිය යටතේ බැවින් ඔහුට පූර්ණ නිදහසක් හිමිනොවන බවයි. ඒ අනුව ඔහුට වසර 07ක් ගතවන තුරු දේශපාලනයේ යෙදීමට අවසරයක් නැතැයි ද ඔහු කියා සිටියේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ද ලබා දී තිබුණේ එවැනි අර්ධ නිදහසකි. නමුත් අවශ්‍යතාව අනුව එය පූර්ණ නිදහසක් බවට පත්කෙරිණි. රන්ජන් රාමනායකට ද මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමේ අවශ්‍යතාව ඇත්නම් එය පූර්ණ නිදහසක් බවට පත්කිරීමට හැකියාව ඇති බව ද දැනට කර ඇත්තේ දඬුවම අහෝසි කිරීමක් පමණක් බව ද අධිකරණ අමාත්‍යවරයා කීවේය.
2021 ජනවාරි මාසයේ 12 වැනි දා ඔහුට වසර 04ක සිර දඬුවම් නියම කර තිබිණි. ඔහු යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කළේ යැයි සැළකූ විට දඬුවම් කාලය අඩු කර ගණනය කිරීමේ බන්ධනාගාරය ක්ර්රමවේදය යටතේවසර 02යිි මාස 08ක කාලයකින් ඔහුට නිදහස ලබා ගැනීමට හැකියාව තිබිණි ඒ අනුව ජනාධිපති සමාව හිමි නොවුණ ද රන්ජන් රාමනායකට 2023 වර්ෂයේ මැයි මාසයේ දී නිදහස ලැබීමට හැකියාව තිබිණි.
2017 වර්ෂයේ අගෝස්තු මස 21 වැනි දා අරලියග මන්දිරයෙන් පිටත දී අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් 2021 ජනවාරි 12 වැන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට වසර 04ක බරපතල වැඩ සහති සිරදඬුවමක් නියම කළේය.ඊයේ ඔහුට ජනාධිපති සමාව හිමිවන විට එම සිරදඬුවමෙන් අවුරුද්දයි මාස 07ක කාලයක් ගෙවී ගොස් තිබිණි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් සමාව අයද සිටින බවත්, එම ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදි බවත්, එම ප්‍රකාශය හේතුවෙන් අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කරමින් පසුගිය 25 වැනි දා රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් ද ලබා දී තිබිණි. එම දිවුරුම් ප්‍රකාශය ලබා දීමට පෙර ඔහුට නිදහස ලබා දීම සම්බන්ධයෙන් ලිපි ලේඛන සකසා තිබිණි.
තමන් මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බව ද ඔහු එමගින් පොරොන්දු වී තිබිණි.
රන්ජන් රාමනායක බන්ධනාගාරයේ සිටිමින් තම උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන ගියේ ය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ තරුණ හා ප්‍රජා සංවර්ධන ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හැදෑරීමේ දේශන සඳහා ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වූ ඔහු ජුනි 04 වැනි දා එහි ප්‍රථම වසර විභාගයට ද පෙනී සිටියේ ය.
මීට අමතරව ඔහු විසින් රංගන දායකත්වය ලබා දී තිබූ ‘ද ගේම්’ චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීට ද පසුගිය 17 වැනි දා බන්ධනාගාර නිලධාරීන් සමඟ ගියේය.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටිය දී පාදයේ ආබාධයක් ඇතිවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කරන ලද රන්ජන් රාමනායක පසුව වැලිකඩ පිහිටි බන්ධනාගාර රෝහලට මාරු කර තිබිණි. නදහස ලබන තුරු ඔහු බන්ධනාගාර රෝහලේ සිටියේ ය.
ඔහු නිදහස ලැබීමට පැය කිහියකට පෙර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඔහුට රජයේ වගකීමක් පැවරුවේ ය. ඒ “Goodwill Ambassador of migrant Workers” නමැති තනතුරකි. එය වැටුප් හෝ දීමනා නොලඹන වගකීමකි.
මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේ මැද පෙරදිගි රැකියාවල නිරත පුද්ගලයන්ගේ ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වී විශාල පළපුරුද්දක් ඇති රන්ජන් රාමනායකට තරුණ ප්‍රජාව සමඟ වැඩ කිරීමේ ඇති හැකියාවත් සැලකිල්ලට ගනිමින් ඔහුගේ සේවය රටේ ජනතාව වෙනුවෙන් ලබා දීමට මේ වගකීම පැවරූ බවයි.
මේ වනවිට රන්ජන් රාමනායක එම වගකීම බාරදෙන ඇති බව ද වාර්තා වෙයි.