ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අද්නාම් ගෙබ්‍රියේසස් කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇතැයි ඔහු විසින් ම ප්‍රකාශයට පත්කර තිබේ.
තමන්ට තවමත් කිසිදු රෝග ලක්ෂණයක් පහළ වී නොමැති බවත්, හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත් පවසන හෙතෙම පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මාලාවන්ට අනුව ස්වයං නිරෝධායනයට යොමුවන බවයි.
ඒ අනුව ඔහු ස්වයං නිරෝධායන කාලයේ දී සිය නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වෙයි.