spot_img
spot_imgspot_img

“කොරෝනා වසංගතය හමුවේ මාධ්‍ය භාවිතය සහ එහි බලපෑම” පිළිබඳ සිදුකරන සමීක්ෂණයට ඔබේ අදහස් අවශ්‍යකර තිබේ

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කොරෝනා කාල‍යේ මෙරට ජනමාධ්‍ය හැසිරීම සහ එමගින් ජනතාවට සිදුවූ බලපෑම පිළිබඳ මේ අධ්‍යයනය සිදුකරයි.

කෙ‍ාරෝනා වසංගතයත් සමඟ ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය, මාධ්‍යමගින් කරන ලද විවිධ හෙළිදරව් කිරීම් මෙන්ම ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම ගැන කරන ලද ප්‍රචාරයන් පිළිබඳව ද සමාජය තුළ විවිධ මත ප්‍රකාශයට පත්විය. ඇතැම් පිරිස් කොරෝනා සම්බන්ධයෙන් මාධ්‍ය භාවිතය පිළිබඳ තම අප්‍රසාදය පළකිරීම සිදුකළ අතර තවත් පිරිසක් කියා සිටියේ මාධ්‍ය භාවිතය සාධනීය මට්ටමක තිබූ බවයි.

ඉදිරියේ දී මෙවැනි හිදිසි තත්වයක දී අපාදා සෞඛ්‍ය සන්නිවේදනය පිළිබඳ වඩාත් සාධනීය ක්‍රමවේදයක් සැකසීමට නම් මේ පිළිබඳ කිසියම් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකළ යුතුව තිබේ.

එය අරමුණු කරගනිමින් කොරෝනා කාලයේ ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍යයේ හැසිරීම සහ එහි බලපෑම පිළිබඳ අධ්‍යයනක් ආරම්භ කර ඇත. කොරෝනා වසංගතය පිළිබඳවත් එම කාලයේ මාධ්‍ය භාවිතය පිළිබඳ අත්දැකීම් ඇති ඔබට එම සමීක්ෂණයට දායක වන ලෙස අපි අරාධනා කරන්නෙමු.

පහත සඳහන් සබැඳියෙන් ඔබට ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇත.

https://forms.gle/AJcUpsk4cKpXyu3E7

විනාඩි කිහිපයක් ගතකරමින් ඔබ දක්වන අදහස් මෙරට සෞඛ්‍ය සන්නිවේදනයේ ඉදිරි ගමන සැකසීම සඳහා මහත් දායකත්වයක් දක්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!