ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ විකිණීම විදේශීය සමාගම්වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බල රහිත කරන්න යැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙය ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය ඇතුළු පිරිසක් විසිනි.
පෙත්සම්කරුවන් පවසන්නේ මේ තීරණය හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරිවුම්හල් පුද්ගලීකරණය කිරිමේ සූදානමක් පවතින බවයි. අධික ලාභ ලබන පිරවුම්හල් කිහිපයක් ද ඊට ඇතුළත් බව ඔවුන් පවසයි.
එමගින් ඛනිජ තෙල් සංස්ථාවට සහ සමස්ත ජනතාවට අගතියක් සිදුවන බව ද පෙත්සම්කරුවන් පවසා ඇත. ඉන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ඔවුහු පවසති.
එබැවින් අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැතිවරයා, විෂය භාර ඇමති කංචන විජේසේකර, අමාත්‍ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ නීතිපතිවරයා නම් කර තිබේ.