spot_img
spot_imgspot_img

රටින් හාල් ගෙන්වනවාට මෝල් හිමියන්ගෙන් විරෝධයක්

පුවත්

විදෙස්

සහල් ආනයනය නතර කරන ලෙසත් අවශ්‍ය තරම් සහල් තොග තමන් සතුව ඇති බවත් මහා පරිමාන මෝල් හිමියෙන් කෘෂිකර්ම අමාත්‍යා මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කර ඇත.

ඔවුන් මේ ඉල්ලීම සිදුකර ඇත්තේ ඊයේ (25) අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවක දී ය.

මෝල් හිමියන් පවසන්නේ දෙසැම්බර් මාසය දක්වා ප්‍රමාණවත් සහල් තොග රටතුළ තිබෙන බවයි.

2022 වර්ෂයේ මුල් මාස 05ක කාලයේ දී සහල් මෙට්‍රික් ටොන් 5,034,000ක් ආනයනය කර ඇති බවත් ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 100ක මුදලක් වැය කර ඇති බවත් මෝල් හිමියන් පවසයි.

මේ වර්ෂය අවසානය දක්වා සහල් අඛණ්ඩව ආනයනය කළහොත් සහල් මෙට්‍රික් ටොන්න ලක්ෂ 50කට වැඩි ප්‍රමාණයක් අපතේ යනු ඇතැයි ද ඔවුහු කියති.

මේ සාකච්ඡාවට මහා  පරිමාන මෝල් හිමියෝ සහ ව්‍යාපාරිකයෝ එක්ව සිටියහ.

මහා පරිමාන මෝල් හිමියන් මීට පෙර කියා තිබුණේ ඔවුන් සතුව සහල් තොග නොමැති බවයි. එබැවින් සහල් මිල විශාල වශයෙන් ඉහළ ගිය අතර රජය අවස්ථා කිහිපයක දී ම විදේශීය සහල් ආනයනය කළ අතර ඇතැම් රටවලින් ණය ආධාර යටතේ ද සහල් තොග ලැබිණි. එමගින් රජය සහල් මිල යම් ස්ථාවරයක පවත්වාගෙන යාමට උත්සාහ ගත් අතර දේශීය සහල් මිල මෝල් හිමියන් විසින් ඉහළ දැමීම හේතුවෙන් සහල් සඳහා නැවත පාලන මිලක්ද නියම කෙරිණි.

දැන් මෝල් හිමියන් පවසන්නේ තමන් සතුව සහල් තොග ඕනෑ තරම් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!