spot_img
spot_imgspot_img

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ

පුවත්

විදෙස්

අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස සළකා දඬුවම් කිරීමට ආණ්ඩුවක ගෙන යන මර්දනයට එරෙහිව අද (24) ගල්ලේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
ගාල්ලේ නීතිඥයන්, සිවිල් සංවිධාන, වාත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව ගොඩනගා ඇති මහජන කවුනසිලයේ මෙහෙයවීමෙන් මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණිි.
ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව අසළ දී උද්ඝෝෂණය පැවති අතර ඔවුන් පවසන්නේ 1979 වර්ෂයේ දී ආයුද සන්නද්ධ පුද්ගලයන් මර්දනය කිරීමට ගෙන ආ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සඳහන් වගන්ති කිහිපයක් අවභාවිතා කරමින් අරගලකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වා ආණ්ඩුව විසින් මර්ධනය කරන බවයි. එම පනත ඉතාමත් කුරිරු පනතක් යැයි වර්තමාන අධිකරණ අමාත්‍යවරයා පවා අමාත්‍ය මණ්ඩලයේ දී ප්‍රකාශ කර එ් වෙනුවට වෙනත් පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටිය ද‍ී මේ ආකාරයෙන් ජනතා හඬ යටපත් කිරීමට කටයුතු කිරීම බරපතල වරදක් බව උද්ඝෝෂකයෝ පෙන්වා දෙති.
ඔවුන් පවසන්නේ ජනතාව අරගල කළේ ආර්ථික අර්බුදය සමඟ තමන්ට මුහුණ දීමට සිදු වූ පීඩාවන් දරාගත නොහැකිව බවයි. ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති රජයට විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රයෝජනයට ගනිද්දී ආණ්ඩුව එම අරගලකරුවන් ත්‍රස්තවාදීන් ලෙස සළකා කටයුතු කිරීම ජාත්‍යන්තරයේ පවා දෝෂ දර්ශනයට ලක්ව ඇති බව උද්ඝෝෂණයේ නිරත වූ අදුරත්විල චන්ද්‍රජෝති හිමියෝ කීහ.
චන්ද්‍රජෝති හිමියෝ වැඩිදුරටත් මෙසේ ද කීහ.
“අපිට බරපතල සැකයක් තියෙනවා මේ මර්ධනය ගැන. රාජපක්ෂලාගේ පිහිටෙන් බලයට ආපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉටුකරමින් සිටින්නේ රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක්. පාසල් විවෘත කරන්න, විශ්වවිද්‍යාල විවෘත කරන්න කියලා සාමකාමී උද්ඝෝෂණ කළාම ඔවුන්ට ත්‍රස්තවාදී පනත යටතේ දඬුවම් කිරීම ඉතාමත් අසාධාරණයිි. ඒ නිසා අපි මේ මර්දනය නවත්වන්න කියලා ආණ්ඩුවට බලකර සිටිනවා. පසුගිය මැයි 09 වැනිදා එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු පොලිස්පති, හමුදාපති, ආරක්ෂක ලේකම් තාමත් ඒ තනතුරුවල තියාගෙන රනිල් කරන්නේ රාජපක්ෂලාගේ වුවමනාව ඉටුකිරීමක්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!