බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඊයේ (01) රාත්‍රී ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අතර කොරෝනා ආසාදිත බලපිටිය කොට්ඨාසයේ පදිංචිකරුවන් 04 දෙනකු සිටි බවත් අනෙක් පුද්ගලයා කොරෝනා ආසාදිත බවට තහවුරු වූ වාර්තාව ලැබුණේ අද (02) උදෑසන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම සියළු දෙනාම මාළු ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ සේවකයෝය. ආසාදිත වූ අයගේ ආශ්‍රිතයන් සොයා නිවෙස්වල ම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
මේ අනුව බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෝ 37ක් ආසාදනය වී සිටිති.