spot_img
spot_imgspot_img

දකුණේ අධ්‍යාපන ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නොතකා ඊට ඉහළින් යයි

පුවත්

විදෙස්

ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක පසෙක තිබිය දී එය කළ හැකිදැයි සෙවීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා විශේෂ කමිටුවක් පත්කිරීමට කටයුතු කර තිබේ.

නීතිඥවරු පෙන්වා දෙන්නේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුකරනු ලබන බරපතල අපහාසයක් බවයි.

2007 නොවැම්බර් මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ශබ්ද විකාශන යන්ත්‍ර පිළිබඳ තීන්දුවකට අනුව 2031/2007 අංක යටතේ පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.

මේ අනුව කිසිම පාසල්, පන්සල් සහ පල්ලි ඇතුළු කිසිම පොදු ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට අවරසයක් නැත. එමෙන්ම එලෙස ශබ් විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් එය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය අනුව අපරාධමය වරදක් ද වෙයි. පොලිසිය ද එම අපරාධමය වරද සම්බන්ධයෙන් 80(4) වගන්තිය අනුව ක්‍රියාත්මක විය යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අතුළු සෞඛ්‍ය අංශ පවසන්නේ ශබ්ද විකාශනය ගැබිනි කාන්තාවන්ට, ළදරුවන්ට, ළමයින්ට, වැඩිහිටියන් ඇතුළු නිරෝගී පුද්ගලයන්ට පවා දැඩි හානිකර බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් රැසක මෙවැනි නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර පවතින බවත් පෙන්වා දෙමින් වෛද්‍යවරුන් එය සෞඛ්‍යයට හානිකර බවට දක්වා ඇති වාර්තාද සහිතව පසුගිය සඳුදා ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතව විසින් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත පැමිණිල්ලක් බාර දී ඇත. එහි දී ඔවුන් ඉල්ලා ඇත්තේ රටේ පවත්නා සාමාන්‍ය නීතිය, මානව හිමිකම් කොන්දේසි, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව එම ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත්කරන්න යැයි විදුහල්පතිවරුන්ට උපදෙස් දෙන ලෙසයි.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) ද ලිඛිතව දැනුම් දී ඇත්තේ කිසිම පාසලක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් හෝ අවසරයක් ලබා දී නැති බවයි. එමෙන්න ම එසේ යම් අවස්ථාවක දී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් ඒ සඳහා රටේ පවතින නීතිය අනුව ක්‍රියාත්මක විය යුතු බව ද අතිරේක ලේකම්වරයා පවසයි.

එසේවුව ද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපාගෙන්  අද (24) කළ විමසීමක දී ඔහු පවසන්නේ පාසල් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය පිළිබඳ නිර්ණායක ඉදිරිපත් කරන්න යැයි තමන් කමිටුවක් පත්කළ බවයි. එම කමිටුවේ නි‍ර්දේශ හා යෝජනා අනුව ඉදිරි පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුවේ ලේකම් නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායක මෙසේ කීවාය.

“ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුවක් ක්‍රියාත්මක කරන්න කියා අපි ඉල්ලීමක් කළාම දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඒකට කමිටුවක්ක දානවා. අපිට ගැටලුවක් තියෙනවා ඇයි මේ රජයේ නිලධාරීන් රටේ උපරිම අධිකරණයෙන් දීපු නියෝග ක්‍රියාත්මක නොකරන්නේ කියලා. එතුමාට කමිටු දාලා නිර්දේශ අරන් ඒ කමිටුවල තීරණ ක්‍රියාත්මක කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව වහාම ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත්කරන්න ඕනෑ,  ශබ්ද විකාශන යන්ත්‍ර අවශ්‍යනම් ඒවා භාවිතයට ගතයුතු ආකාරය ගැන පැහැදිළි නිර්ණායක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පොලිස්පති චක්‍රලේඛයකින් පෙන්වා දීලා තියෙනවා.ඒ අනුව පසුව ක්‍රියාකළ යුතුයි. මේ නිලධාරීන් කරන්නෙ අධිකරණයට අපහාසයක්”

ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව පවසන්නේ දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!