-1 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 38,606ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,933ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 16 කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,071ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 1,534
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 381
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 367

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 24
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 12
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මිලේනියම් හවුසින් සමාගම 22%
  • කහවත්ත වැවිලි සමාගම 21%
  • ඔටෝඩ්‍රොම් සමාගම 21%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ‍ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 12 රුපියල් 125.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 447
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 286
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 173

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 88ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 71ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 17ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 18
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 15
  • බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 10

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එච් සෙනිඩ්   සමාගම රුපියල් මිලියන 24
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 08
  • බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img