දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති ගැටලු නිරාකරණය කර ඒ වෙනුවට ජාතික ආරක්ෂක පනත නිමන් නව පනතක් ගෙන ඒමට රජය කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (23) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙමින් පවතින්නකි. මෙය විවිධ අවස්ථාවල දී ආණ්ඩුව විසින් ජනතාවවට හානිකර ලෙස භාවිතා කරන බවට චෝදනා එල්ලවී තිබෙන අතර වසර ගණනාවක සිට මේ පනත වෙනස් කරන්න යැයි ද ඉල්ලීම් රැසක් ඉදිරිපත්ව තිබිණි.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන්නේ මෙම පනතේ ඇති ඇතැම් කරුණු වඩාත් ලිිහල් කර සංශෝධන කිහිපයක් සහිතව නව පනතක් ලෙස ගෙන ඒමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කටයුතු කරමින් සිටින බවයි. ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව ද හෙතෙම පවසයි.