6 C
New York

දරුවන් කෙළසූ කපුවා උසාවි ගෙනෙද්දී ජනතාව උද්ඝෝෂණයේ

Published:

“ළමා අපයෝජනයට එරෙහි වෙමු” යනුවෙන් අද (23) ගාල්ල උදාවි සංකීර්ණය ඉදිරිපිට සිවිල් සංවිධාන සහ මහජන ක්‍රියාකාරිකයන් පිරිසක් නිහඬ උද්ඝෝෂණයක නිරතවූහ.

ගාල්ලේ මැටරඹ සතර මහා දේවාලය නම් ස්ථානයක් පවත්වාගෙන යමින් පාසල් වියේ පසුවන පිරිමි ළමයි විශාල පිරිසක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනා ලැබ සිටින කීර්ති කුමාර බටගොඩ නම් සැකකරු අද (23) ගාල්ල අධිකරණයට ගෙන එන අවස්ථාවේ දී මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

උද්ඝෝෂකයන් පවස්නනේ ඉහළ පොලිස් නිලධාරීන් පවා මෙම සැකකරු ආරක්ෂා කිරීමට කටයතු කර ඇති බවයි. ගාල්ලේ  පමණක් නොව ශ්‍රී ලංකාව පුරාම ළමයින් අපයෝජනයට පත්කරන, ස්ත්‍රීන් අපයෝජනයට හා හිංසාවට පත්කරන පුද්ගලයන් වෙනුවෙන් ඉහළ පොලිස් නිලධාරීන් පෙනී සිටින අවස්ථා නිතරම වාර්තා වන බැවින් එවැනි ක්‍රියාවන්ට එරෙහිව නැගී සිටිය යුතු බවයි.

මේ උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගී වී සිටි අතර සිවිල් සංවිධාන, ගොවි සංවිධා රැසක් එක්ව තිබිණි.

ඔවුන් ඉල්ලා සිටින්නේ චෝදනා එල්ල වී ඇති කපුවා ආරක්ෂා කිරීම පසෙක තබා පොලිසිය අපයෝජනයට ලක්වූ දරුවන් ආරක්ෂා කළ යුතු බවයි. එමෙන් ම ළමා අපයෝජකයන් ආරක්ෂා කරන බලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

Related articles

Recent articles

spot_img