තමන් ආණ්ඩුව සමඟ එක්වීමට යන්නේ යැයි ප්‍රචාරය වන පුවතේ සත්‍යතාවක් නැතැයි 43 වැනි සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් ඇතුළු 43 වැනි සේනාංකය රටේ දේශපාලන ස්ථාවරභබාවයක් ඇති කරමින් ජනතා විශ්වාසය යළි දිනාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා ඉටුවන්නේ නම් පමණක් “සර්ව පාක්ෂික” ආණ්ඩුවක් සඳහා එක්වන බවයි. එම ස්ථාවරයේ වෙනසක් නැතැයි ද ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබමින් කියා තිබේ.
ඔහු ඇතුළලු 43 වැනි සේනාංකය විසින් ඉදිරිත් කර ඇති යෝජනා පහත සඳහන් සබැඳියෙන් ඕනෑම කෙනෙකුට කියවීමට අවස්ථාව හිමිව ඇත. https://www.facebook.com/PataliChampika/videos/1016163475743669
හිටපු අමාත්‍යවරයා සඳන් කරන්නේ මෙම යෝජනා දැනටමත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර ඒවායින් ඇතැම් දේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟතාව ප්‍රකාශ කර ඇති බවයි. නමුත් ඉන් බොහොමයක් ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වීම සහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම යන කාරණා හේතුවෙන් තමන් ආණ්ඩුවට සහය දැක්වීමේ ස්ථාවරයක නැතැයි ද පාඨලී චම්පික රණවක එම සටහන මගින් ප්‍රකාශ කර ඇත.
“රට ව්‍යවසනයකට ඇද දැමූ දේශපාලකයන් සහ නිලධාරීන්ට දඬුවම් දීම පසෙක තබා, පීඩනය දරාගත නොහැකිව ඊට ප්‍රතික්‍රියා දැක්වූ සාමාන්‍ය ජනතාව සහ සමාජ ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන ආණ්ඩුව සිදු කරගෙන යන දඩයම ද නවත්වන බවක් පෙනෙන්නට ද නැහැ.” යැයි ද ඔහු පවසයි.
රාජපක්ෂවරු විසින් මෙහෙයවන විධායකයක් ප්රමුඛ ආණ්ඩුව සමග එක්ව ඇමැති ධුර ලබාගැනීමේ අදහසක තමන් නොමැති බවත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන ප්රචාරයන්ට නොරැවටෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.