-2.5 C
New York

අන්තරේ මුදලිගේ ඇතුළු පිරිස ත්‍රස්ත විමර්ශන අංශයට යැවීමට උපදෙස්

Published:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සැකකරුවන් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ යැයි සැකයක් පවතී නම් ඔවුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාරදෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා තවදුරටත් රඳවාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පසුගිය 18 වැනි දා කොළඹ පැවැති විරෝධතාවක් අතරතුර සහ ඊට පසු දින අත්අඩංගුවට ගත් 16 දෙනකු අතරින් මෙම තිදෙනා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි. ඒ නියෝගය ලබාගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් 09 වැනි දා අරගලයට අදාළ සිදුවිම් කිහිපයක් ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.

පෑලියගොඩ පොලිසියේ රඳවාගෙන සිටි වසන්ත මුදලිගේ අද (22) උදෑසන 8.00 ට පමණ පොලිසියෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර ඔහු රැගෙන ගිය ස්ථානය පොලිසිය හෙළිකරන්නේ නැත.

Related articles

Recent articles

spot_img