-2.5 C
New York

ආර්ථික අර්බුදයට හේතු වූයේ මෙවැනි භාණ්ඩ ගෙන්වීම් ද ?

Published:

ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට ගමන් කිරීමේ තවත් හේතුවක් වී ඇත්තේ අත්‍යාවශ්‍ය නොවන විවිධ භාණ්ඩ සීමාවක් නොමැතිව ගෙන්වීම යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය පවසයි.

එම අංශ මගින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ 2020 වර්ෂයේ දී තොරම්බල් බඩු (විසිතුරු භාණ්ඩ) ගෙන්වීම සඳහා රුපියල් කෝටි 63,477ක් වියදම් කර ඇති බවයි.

මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ මේ භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් මෙරට නිෂ්පාදනය කළ හැකි ඒවා බවයි.

එම භාණ්ඩ ගෙන්වීමට වැය වූ මුදලින් තෙල් නැව් 100ක් ගෙන්වීමට හැකි බව ද මහාචාර්යවරයා කීවේය.

ගෙන්වන ලද ද්‍රව්‍යයමුදල රුපියල් කෝටි
පැන්සල්, පෑන්, මකන සහ තීන්ත, රිපන් 215
සරුංගල් ඇතුළු සෙල්ලම් භාණ්ඩ සඳහා 984
ඔළුව පීරන පනා සඳහා31
කොහු ඉදල් සඳහා 35
වතුර බෝතල් 55
අවි ආයුධ සඳහා 95
සපත්තු, කුඩ, හිස් වැසුම් සඳහා 655
සබන් ඇතුළු පවිත්‍රකාරක ද්‍රව්‍ය සඳහා 956
සුවඳ විලවුන් ක්‍රීම් වර්ග සඳහා 1755
පළතුරු යුෂ සඳහා 74
චීස් බටර් සඳහා 336
එළවළු සහ පළතුරු සඳහා 18,982
විවිධ ගෘහ භාණ්ඩ සඳහා 19,000
සත්ව සම් සඳහා 493
ප්ලාස්ටික් සහ රබර් සඳහා 18,522

Related articles

Recent articles

spot_img