-2.5 C
New York

පළාත් සභාවේ නැති සභාපතිවරුන්ට මාස්පතා ලක්ෂ ගණනින් මුදල් ගෙවලා

Published:

පළාත් සභා කිසිවක් මේ වනවිට ක්‍රියාත්මක නොවුණ ද ඒවායේ හිටපු සභාපතිවරු සඳහා මසකට වාහන 03කට ඉන්ධන ලීටර 1,800 බැගින් නිකුත් කරන බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ඒ අනුව පළාත් සභාවල හිටපු සභාපතිවරු සඳහා රජය මාසයකට රුපියල් 7,290,000.00ක මුදලක් වැය කරයි.

පළාත් සභා සභාපතිවරුන්ගේ කාර්ය මන්ඩලයේ 10 දෙනකු සඳහා මේ දක්වාම වැටුප් ලබා දී ඇතර එයින් පුද්ගලයන් 04 දෙනකුට නිල රථ හිමි බවත් ඒ නිලරථ සඳහා ද එක් රථයකට ලීටර 240 බැගින් පෙට්‍රල් හෝ ඩීසල් ලබාදෙන බවත් වාර්තා වේ.

මේ වනවිට පළාත් සභා සියල්ල විසුරුවා හැර ඇති අතර ඔවුන්ට කිසිම රාජකාරියක් ද පැවරී නැත.

Related articles

Recent articles

spot_img