කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන 21 වැනි මරණය ද සිදුව ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කඩවත මහර පදිංචිකරුවෙකි.
පසුගිය 23 වැනි දා අධි රුධිර පීඩනය හා ශ්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත වී සිටි බව සෞඛ්‍ය අංශ පවසයි.
පළමු පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන නැත. නමුත් ඊයේ (31) මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන තිබිණි.