5.6 C
New York

මත්තල ගුවන්තොටුපොළට වෙන්න යන දේ

Published:

අති විශාල පාඩුවක් ලබමින් තිබෙන මත්තල ගුවන්තොටුපොළ හැකි ඉක්මණින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඒ අනුව දී ආයෝජකයන්ට කොටස් විකිණීට සැළසුම් කරමින් සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) කටුනායක ගුවන්තොටුපොළේ උත්සවයකට එක්වෙමිනි.

එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මත්තල ගුවන්තොටුපොළ රුපියල් මිලින 100ක පමණ පාඩුවක් ලබන බවත් එය ඉදිකිරීමට ගත් ඩොලර් මිලියන 100ක ණය සහ පොළිය තවදුරටත් ගෙවමින් සිටින බවත් කීවේය.

මේ හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළ ඉක්මණින් ම ප්‍රතිව්‍යුහගත කරන බව ඔහු පවසයි.

ඔහු පවසන්නේ විවිධ සේවා සහ පහසුකම් සපයන ස්ථානයක් බවට මත්තල පත්කර ජාත්‍යන්තර ගුවන් සමාගම් සහ ව්‍යවසායකයන්ගෙන්  මේ ගුවන්තොටුපොළ සඳහා යෝජනා ඉල්ලා සිටින බවයි. එවිට එම ගුවන්තොටුපොළේ සමාගම් කොටස් එවැනි ආයෝජතකයන් වෙත තබාගෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළැස්මක් ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

Related articles

Recent articles

spot_img