-0.7 C
New York

ගල්අඟුරු නැවක මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර කරාපිටිය රෝහලට ගෙන එයි

Published:

මුහුදේ දී මියගිය ඉන්දීය ජාතික නාවිකයකුගේ සිරුරක් අද (19) අළුයම කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ආ බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වෙන්කටේෂ් දුනින්ජි නමැති 34 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඉන්දියාවට ගල්අඟුරු ගෙනවිත් ඒවා ගොඩබෑමෙන් අනතුරුව නැවත දකුණු අප්‍රිකාව බලා යාත්‍රා කරමින් තිබූ නැවක මෙම මරණය සිදුව ඇත.

මියගිය පුද්ගලයා එම නැවේ ටැංකි පිරිසිදු කිරීමේ කාර්යයේ නිරතව සිටි බවත් ඔහු ටැංකි අතර මියගොස් සිටිනු පසුගිය 17 වැනි දා සවස 4.00ට පමණ දුටු බවත් නැවේ කාර්ය මණ්ඩලය පවසා ඇත. ඒ වනවිට නැව පිහිටා තිබුණේ කිරින්දට නුදුරු මුහුදේය.

මේ මරණය පිළිබඳ ශ්‍රී ලංකාවට දැනුම් දීමෙන් අනතුරුව ගාල්ල වරාය ආසන්න  ගැඹුරු මුහුදේ නැව නැංගුරම් දමා ඇති අතර ජොහානා නමැති  යාත්‍රාවකින් එහි ගිය හදිසි මරණ පරීක්ෂකවරයා, වෛද්‍යවරයකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් අද (19) අලුයම 2.00ට පමණ මළ සිරුර බාරගෙන තිබිණි.

මෙම සිරුර සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව දේහය ඉන්දියාවට යැවීම පිළිබඳ තීරණයක් ගන්නා බව ගාල්ල අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි

Related articles

Recent articles

spot_img