ඇඳිරිනීති කාලයේ භාණ්ඩ මිලදී ගත හැකි අයුරු

0
126

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති දිස්ත්‍රික්කයන් හි පදිංචි ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් විවෘත කරනු ලබන දිනයන් හා වේලාවන් රජය විසින් ප්‍රකාශයට පත්කර  ඇත.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ වෙළෙඳ සැල් අඟහරුවාදා සහ සිකුරාදා දින දෙකෙහි උදෑෂන 8.00 සිට රාත්‍රී  දක්වා විවෘත කර තබන බවයි.

ගම්පහ සහ කළුතර දිස්ත්‍රක්ක දෙකෙහි සඳුදා සහ සිකුරාදා දිනවලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඟහරුවාදා සහ කුරාදා දිනයේ දීත් උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි සැල් සහ ඖෂධ අළෙවි සැල් විවෘතව තැබෙනු ඇත.

මෙම ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ළඟම ඇති අළෙවි හළට යන ලෙසත් අනවශ්‍ය පරිදි දුර බැහැර අළෙවි සැල්වලට යාමෙන් වළකින ලෙසත් එක් නිවසකින් එක් අයකු පමණක් පැමිණෙන ලෙසත් රජය දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here