spot_img
spot_imgspot_img

කෙන්යාවට අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙයි

පුවත්

විදෙස්

කෙන්යාවේ ජනාධිපතිවරනයෙන් වත්මන් නියෝජ්‍ය ජනාධිපති විලියම් රූටෝ 50.49% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රාහනය ලබා ඇති බව එරට මැතිවරණ කොමිසම පවසයි. .

ඔහු 48.85% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ප්‍රවීණ දේශපාලනඥයෙකු වන රයිලා ඔඩිංගා යන්තමින් පරාජය කළේය.

මැතිවරණ කොමිසම බෙදුනු තීන්දුවක් ලබා දී ඇති අතර, කොමසාරිස්වරුන් හත් දෙනාගෙන් හතර දෙනෙක් පවසන්නේ තමන්ට ප්‍රතිඵලයේ වගකීම ගත නොහැකි බවයි.

ඔඩිංගාගේ සභාගය පවසන්නේ ඔවුන්ට ද ප්‍රතිඵල පිළිගත නොහැකි බවයි; කෙසේවුවද උසාවියේදී ප්‍රතිඵලය අභියෝගයට ලක් කිරීමට අපේක්ෂකයින්ට දින හතක් තිබේ.

පසුගිය සතියේ පැවති ඡන්ද විමසීමේදී කෙන්යාවේ මිලියන 14 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කළ අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 65% කි.

55 හැවිරිදි රූටෝ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය විය. ඔහු වසර නවයක් නියෝජ්‍ය ජනාධිපති ලෙස සේවය කර ඇත. ප්‍රතිවාදී ඔඩිංගාට ජනාධිපති උහුරු කෙන්යාටාගේ සහාය හිමි විය.

ඔඩිංගා, 77 හැවිරිදි වියේ පසුවන අතර හිටපු අග්‍රාමාත්‍යවරයා ය. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පස්වැනි වතාවටය.

ජයග්‍රහනයෙන් පසු රූටෝ ජනතාව අමතමින් පැවසුවේ, “මෙය ඔවුන්ගේ රජයක් වනු ඇති බවට මට කෙන්යාවේ සියලුම ජනතාවට පොරොන්දු වෙන්න අවශ්‍යයි” යනුවෙනි.

තරඟයෙන් දෙවන ස්ථානයට පත්වූ රයිලා ඔඩිංගාගේ බලාපොරොත්තු සුන් වූ ආධාරකරුවන් කිසුමු හි විරෝධතා දිගටම කරගෙන යාමත් සමඟ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඔවුන් සහ ඔවුන් සහාය දෙන සන්ධානය විශ්වාස කරන්නේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිඵල වංචා සහගත බවයි, නමුත් රූටෝ මහතා එම අදහස ප්‍රතික්ෂේප කර ඇත.

https://www.bbc.com/news/world-africa-62559899

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!