4.6 C
New York

පල්ලියේ ගින්නෙන් 41ක් මරුට: මිය ගිය අය අතර තුන් නිවුන් දරුවන්

Published:

ඊජිප්තුවේ ඉම්බාබා දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි දේවස්ථානයක ඇතිවූ ගින්නකින් ළමුන් 15 දෙනකු ඇතුළු 41දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මියගිය අය අතර පස් හැවිරිදි වියේ පසුවූ නිවුන් දරුවන් තිදෙනකු ද විය.

අබු සෙෆීන් නම් පල්ලියේ ඉරිදා (14) උදෑසන දිව්‍ය පූජාව පැවැත්වෙන අවස්ථාවේ මෙම ගින්න ඇරඹී තිබේ. එම අවස්ථාවේ පල්ලිය මිනිසුන්ගෙන් පිරී තිබුණු බවත් සිව් මහල් ගොඩනැගිල්ලක් වන මෙහි ඉහල මහලේ අධ්‍යයන කටයුත්තක් සඳහා සහභාගී වූ දරුවන් පිරිසක් සිට ඇති බවත් පොලිසිය පවසයි.

විමර්ශකයින් පවසන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවයි.

දුම ආඝානය වීම සහ පල්ලියෙන් පිටවීමට යෑමේදී ඇතිවූ තෙරපීම හේතුවෙන් බොහෝ මරණ සිදුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පල්ලියේ බිෂොප් ලෙස කටයුතු කළ 50 හැවිරිදි අබ්දුල් බතික් ද මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ගින්නෙන් මියගිය තුන් නිවුන් දරුවන්ගේ මව, මිත්තණිය සහ නැන්දා ද මියගොස් ඇතැයි සඳහන් වේ.

https://www.bbc.com/news/world-middle-east-62555127

Related articles

Recent articles

spot_img