දිස්ත්‍රික් අතර සංචරණ සීමා. ජනාධිපතිගෙන් තීරණ රැසක්

0
249

ජන ජීවිතයට හානිකර බලපෑමක් නොවන පරිදි කොරෝනා මර්ධනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තීරණ රැසක් ගෙන ඇතැයි ජනාධිපති ‌මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම තීරණ අනුව නොවැම්බර් 09 වැනි දා අළුයම 5.00 දක්වා අඛණ්ඩය බස්නාහිර පළාතේ ඇඳිරිනීතය ක්‍රියාත්මක කිරීමටත් ඇහැලියගොඩ පොලිස් වසම හා කුලියාපිටිය පොලිස් වසම තුළ මෙන්ම කුරුණෑගල නගර සභා සීමාව තුළ ද ලබන 09 වැනි දා තෙක් ඇඳිරිනීතිය පනවන ලදී.

නිරෝධායනය නිවෙස්වලම සිදුකිරිමට ගත් තීරණය සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් තිබෙන බවත් එම ක්‍රියාවලිය වඩාත් සාර්ථක කරගැනීම සදහා සෞඛ්‍ය අංශ, පොලිසිය හා යුද හමුදාව එක්ව අධීක්ෂණය කරන බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත. එමෙන් ම නිවෙස්වල නිරෝධායනය වන සෑම පුද්ගලකුගේ ම පීසීආර් පරීක්ෂණ 10 ව දිනයේ දී කළ යුතුය. එම ප්‍රතිඵල අනුව ආසාදන නොවූ අය දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කිරීමට පියවර ගනී.

පුද්ගලික රෝහල්වල දී සිදුකරන පීසීආර් පරීක්සණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයට ලක්කළ යුතු බවත් වර ආයතනකින් පීසීආර් පරීක්ෂණ කෙරුණ ද අදාල පුද්ගලයා ප්‍රතිඵල ලැබෙන තුරු නිරෝධායනයේ සිටීම අනිවාර්ය බවත් ජනාධිපතිවරයා මෙහි දී පවසා ඇත.

භාණ්ඩ බෙදාහැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරණය අත්හිටුවීමට ද තීරණය කර තිබේ. රෝග ව්‍යාප්තිය වැළැක්වීමට සති දෙකක කාලයක් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පමාණවත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇඳිරිනීති කාලයේ ද භාණ්ඩ බෙදා හැරීම පෙර පරිදිම සිදුකිරීමට තීරණය කර තිබේ.

(එම නිවේදනය සම්පූර්ණයෙන් ම පහතින් දක්වා ඇත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here