පුද්ගල ඝාතන දෙකක් වාර්තා වෙයි

පුවත්

විදෙස්

පේරාදෙණියේ දී සහ මහකුඹුක්කඩවල දී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මේම ඝාතන දෙකම සිදුව ඇත්තේ පුද්ගලික ආරවුල් හේතුවෙන් බව ද අනාවරණය වී ඇත.

පේරාදෙණිය, පිලපිටිය ප්‍රදේශ‍යේ දී ඝාතනයට ලක්ව ඇත්‍තේ 47 හැවිරිදි කාන්තාවකි. ඇගේ නැගණියගේ සැමියා විසින්, පවුල් ආරවුලක් හේතුවෙන් මියගිය කාන්තාවට සහ තවත්  පුද්ගලයන් දෙදෙනකුට පිහියෙන් ඇන ඇතැයි ද‍ පොලිසිය කියයි. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මහකුඹුක්කඩවල, කොන්වැව මහව ප්‍රදේශයේ දිංචි 56 හැවිරිදි පුද්ගලයකු ද බහින්බස්වීමක් අතරතුර එල්ල වූ පොලු පහරක් හේතුවෙන්න රෝහල්ගත කළ පසු මියගොස් ඇත. ‍පොලිසිය පවසන්නේ පිරිසක් මත්පැන් පානය කරමින් පැවැත්වූ සාදයක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහකුඹුක්කඩවල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles