spot_img
spot_imgspot_img

IMF කොන්දේසි අනුව ප්‍රතිව්‍යුහගත කරන පාඩු ලබන ආයතන මෙන්න

පුවත්

විදෙස්

පාඩු ලබන රාජ්‍ය ආයතන 35ක් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාව සිටිය දී පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයෙන් මිදීමට නම් රාජ්‍ය ආයන ප්‍රතිව්‍යුහගත කිරීමට අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද රජයට ඉදිරිපත් කළ කොන්දේසි අතර ප්‍රධාන කොන්දේසියකි.

ඒ අනුව පහත සඳහන් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා කර තිබේ.

  1. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
  2. ජාතික වැටුප් කොමිසම
  3. සේවක නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල
  4. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය
  5. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
  6. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
  7. ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය
  8. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
  9. සිවිල් ගුවන් සේවා අධිකාරිය
  10. සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම
  11. විදේශගත රාජ්‍ය දූථ මණ්ඩලය
  12. කම්කරු දෙපාර්තමේන්තුව
  13. සේවක අර්ථ සාධක අරමුදල
  14. ජාතික වෘත්තීය සුරක්ෂිිත සහ සෞඛ්‍ය ආයතනය
  15. මාර්ග නඩත්තු භාර අරමුදල
  16. ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය
  17. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
  18. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව
  19. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
  20. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
  21. රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
  22. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  23. ශ්‍රී ලංකා රේගුව
  24. සුරාබදු දෙපාර්තමේන්තුව
  25. වාණිජ දෙපාර්තමේන්තුව
  26. පාරිභෝගික කටයුතු අධිකාරිය
  27. සීමා සහිත ලංකා සතොස
  28. ලංකා ධීවර සංස්ථාව
  29. ලංකා තේ මණ්ඩලය
  30. පොල් වගා කිරීමේ මණ්ඩලය
  31. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය
  32. වී අලෙවි මණ්ඩලය
  33. සීමා සහිත ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම් හා ඒ ආශ්‍රිත සමාගම්
  34. තැපැල් දෙපාර්තමේන්තුව
  35. ලංකා ඛනිජ තෙල් සංස්ථාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටු නොකළහොත් ණය ආධාර මුදල් නොලැබී යා හැකි බවයි.

මෙම ආයතන අතරින් දැනටමත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 40,000ක මුදලක් ණය ලෙස ලබාගෙන තිබේ. එම මුදල ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කි.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු 17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඇති අතර ඉන් අවස්ථා 06ක දී හැර අන් කිසිදු අවස්ථාවක දී එම අරමුදල ඉදිරිපත් කළ කොන්දේසි ඉටුකර නැත.

එසේ ජාත්‍යන්තර අරමුදලේ සහය ශ්‍රී ලංකාව මින් පෙර ලබාගෙන අත්තේ සංවර්ධනය වෙමින් තිබෙන රටක් ලෙස වුව ද මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඇත්තේ බංකොලොත් රාජ්‍යයක් ලෙසිනි.

දැනට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදයෙන් අත්මිදීම සඳහා ඩොලර් බිලියන 05ක ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපේක්ෂා කරයි.

මහ බැංකු වාර්තා අනුව මේ වනවිට ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 250ක් පමණි. ශ්‍රී ලංකාවට අඛණ්ඩ සේවා සහ පහසුකම් ලබා ගැනීම සඳහා දිනකට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 50කි. ඒ අනුව රටේ වත්කම් ඇත්තේ දින 05ක් සඳහා පමණක් වීම ආර්ථිික අර්බුදයේ තරම පෙන්වන එක් නිදර්ශකයකි.

මීට අමතරව 2022 වර්ෂය අවසානයට පෙර ශ්‍රී ලංකාව ණය සහ වාරික ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක් ගෙවිය යුතුව ඇත.

මෙවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොමැතිව කිසිවක් කරකියාගත නොහැකි තත්වයකට පත්ව තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන කොන්දේසි සියල්ල ඉටුකිරීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 4,000ක් හෙවත් ඩොලර් බිලියන 04ක ආදායමක් ලැබුණු අතර දැන් එය ඩොලර් මිලියන 100ක් දක්වා අඩුවී ඇත. මීට අමතරව විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් වසරකට ඩොලර් මිලියන 650ක් පමණ ලැබුණු අතර දැන් එය ඩොලර් මිලියන 250ක් හෝ නොලැබෙන තත්වයකට පත්ව තිබීම ගැටලුවකි.

එවැනි තත්වයක දී ජාත්‍යන්තර අරමුදල ඉදිරිපත් කර ඇති පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසිය ඉටුකරනවා හැර රජයට වෙනත් විකල්පයක් නැත.

එබැවින් මෙම ආයතන ඉතා ඉක්මණින් ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!