දින කිහිපයක් අක්‍රිය වී තිබූ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රය අද (01) යළි සකසා එහි අත්හදාබැලීමේ පරීක්ෂණ වටයක් ද සාර්ථකව අවසන් කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසයි.
සායනික පරීක්ෂණ කටයුතු හෙට සිට ආරම්භ කළ හැකි බව ද එම පණිවිඩයේ සඳහන් කර ඇත. රසායනාගරයේ ඇති පරිසර තත්ත්වයන් මෙම යන්ත්‍රය අක්‍රිය වීමට හේතුවක් වන්නට ඇතැයි චීන විශේෂඥයන් ඊයේ (31) පවසා තිබිණි.
චීන තානාපති කාර්යාලය පවසන්නේ රසායනාගරයේ පරිසර තත්ත්වයන් වඩාත් සුදුසු පරිදි පුළුල් කිරීමටත් මෙම යන්ත්‍රය භාවිතය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයට වැඩි පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බවයි.