ජනතා අරගලයකින් බලයෙන් පහකරන ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට ඇතුළු වූ බව එරට බලධාරීන් තහවුරු කරයි.
ඔහු තායිලන්තයට ගිය පසු ලබාගත් බව කියන ඡායාරූප කිහිපයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
තායිලන්ත අගමැතිවරයා ද නිවේදනය කළේ මානුෂීය පදනම මහත ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාට තායිලන්තයේ රැඳී සිටීමට තාවකාලික අවසරයක් ලබාදුන් බවයි. ඒ අනුව ඔහුට දින අනූවක කාලයක් තායිලන්තයේ රැඳී සිටිය හැකි බවත් එම කාලයේ දී කිසිදු දේශපාලන කාර්යයක නිරතවීමට අවසරයක් නැති බවත් අගමැතිවරයා කීවේය.
ඔහුට මෙම අවසරය ලැබී ඇත්තේ කිසියම් රටක පූර්ණ කාලීන රැකවරණය ලැබෙන තුරු පමණක් බව ද තායිලන්ත අගමැතිවරයා නිවේදනය කළේය.



