-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම බිලියන 05 ඉක්මවයි

Published:

දීර්ඝ කාලයකට පසු කොළඹ කොටස් වෙළෙඳ පොළ රුපියල් බිලියන 05ක දෛනික පිරිවැටුම ඉක්ම වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,500 දක්වා ඉහළ යන ලදී

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 35,598ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,341ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 77කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,500ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,992
  • වටවල වැවිලි සමාගම රුපියල් මිලියන 493
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 449

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16
  • ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 14
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම 24%
  • රේඩියන්ට් ජෙම් සමාගම 23%
  • ඒඑම්එෆ් සමාගම 21%

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් මිලියන 1.9ක්  රුපියල් 200.00 බැගින්
  • කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 2.56ක් රුපියල් 54.00 බැගින්
  • හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම කොටස් 625,000ක් රුපියල් 40.00 බැගින්
  • වටවල වැවිලි සමාගම කොටස් මිලියන 4.64ක් රුපියල් 87.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 381
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 276
  • එල්ඕඑල්සී ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 167

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 195ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 121 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 74ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 95
  • නෙස්ලේ සමාගම රුපියල් මිලියන 46
  • හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම රුපියල් මිලියන 25

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා  සමාගම රුපියල් මිලියන 69
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 16
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 16

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img