ආණ්ඩුවේ මර්ධනයට වහාම නවතා දමන ලෙසත් රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවටත් බලකරමින් අද (09) දහවල් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගෝඨාගෝ ගම ගාල්ල ශාකවේ දී ද විරෝධතාවක් පැවැත්විණි.
“මර්ධනය හකුළා ගනු” “පැසිස්ට් රනිල් තෝත් පළ” “ඩීල් නවතනු” “අරගලකරුවන් වහා නිදහස් කරනු” “මානව අයිතිය සුරකිනු” වැනි සටන්පාඨ කියමින් මෙම විරෝධතාව පැවැත්විණි.