කොවිඩ් – 19 වසංගතය පෘථිවි තලය ම බිලි ගෙන සිටින්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ මගපෙන්වීමෙන් හා මාර්ගේාපදේශ ප්‍රකාරව යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.
කොරෝනා වසංගතයෙන් රට මුදවාගැනීම සඳහා ආගමික ආශිර්වාද පූජා පැවැත්වන ලෙස දැනුම් දෙමින් එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
එම වාක්‍යය මෙසේ වෙයි.
උපුටා ගැනීම “ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය තුමාගේ මගපෙන්වීම හා මාර්ගෝපදේශ ප්‍රකාරව මෙම පෘථිවි තලය ම බිලි ගෙන සිටින කොවිඩ් – 19 රුදුරු වසංගත රෝගී තත්ත්වයෙන් මුළු ලෝකයම, විශේෂයෙන් ශ්‍රී ලංකාද්වීපය, මුදවා ගැනීම පෙරදැරි කරගෙන,……” උපුටා ගැනීම අවසන්.
මෙම වාක්‍යයෙන් ගම්‍ය වන්නේ කොවිඩ් – 19 වසංගතය පෘථිවි තලය බිලිගෙන ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ මගපෙන්වීම හා මාර්ගෝපදේශ ප්‍රකාරව බවයි.
මේ පිළිබඳ අමාත්‍යාංශ ලේකම් කපිල ගුණවර්ධනගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ වාක්‍යය නැවත කියවන විට එහි වරදක් ඇති බව පෙනෙන්නට තිබෙන බවයි. එය නිවැරදි කර මාධ්‍යයේ පළකරන මෙන් ද ලේකම්වරයා ඉල්ලා සිටියේය.
අමාත්‍යාංශයට මෙම නිවේදනය මගින් පැවසීමට අවශ්‍ය වූයේ විහාරස්ථානවල, දැනටමත් කරගෙන යන පිරදි නිතිපතා උදෑසන සහ සස රතන සූත්‍රය, ජ්වර පිරිත් සහ ජය පිරිත සජ්ජායනා කරන ලෙස දැනුම් දීමයි. එමෙන් ම හින්දු කෝවිල් වල ආශිර්වාද පූජාවන්, කතෝලික හා ඉස්ලාම් ආගමික දේවස්ථාන වල යාඥා පවත්වන ලෙස දැනුම් දීමට මේ නිවේදනය නිකුත් කර තිබිණි. මේ දැනුම් දීම සිදුකරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව බව කීමට අවශ්‍ය වුව ද කරුණු විශාල ප්‍රමාණයක් එකම වාක්‍යයකට ඇතුළත් කිරීමට ගත් උත්සාහයෙන් වැරදි අර්ථකථනයක් ගම්‍ය වන පරිදි නිවේදනය සැකසී ඇත.
මේ නිවේදනය මාධ්‍ය වෙත යොමු කරන ලද්දේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළු වැව මහතාගේ ආවරණිත ලිපියක් ද සමගිනි.
(එම සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.)