spot_img
spot_imgspot_img

“කොළොම් පුරේ, බයිල සාජ්ජේ” අමතකව යන සංස්කෘතික උරුමය

පුවත්

විදෙස්

දශක තුන හතරකට පෙර ප්‍රධාන ජනසන්නිවේදන මාධ්‍යය ලෙස පැවති ගුවන් විදුලිය මගින් බයිලා ගීත සඳහා ගුවන් කාලය වෙන්කර තිබුණි.

ඒ බව අප රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනතාවට මතක ඇති බව නිසැකය. එකල අති දක්ෂ බයිලා ගී ගායක පිරිසක් ද වූහ.

“නෝනා මගෙ නර්ස් නෝනා”

“හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක”

“සුවඳ සබන් ගාලා” වැනි ජනප්‍රිය බයිලා ගී බොහොමයක් එදා අසන්නට ලැබුණි. මේ ගීත හැරුණු විට ග්‍රාමීය හා නාගරික මට්ටමින් පැවති බයිලා විශේෂයක්ද විය.

ඒ බයිලා යනු දැනට ව්‍යවහාරයේ පවත්නා වැඩකට නැති අරුත් සුන් හිස් ප්‍රලාප කීමක් නොවේ. දෙපදයකට පද රචනය කර සිත් ගන්නා සුළු තාල කිහිපයකට හඬ නගා ගයන ලද ගායන විශේෂයකි.

“උසි උසි බයිල නෝනා වැටේ මුරුංගා සොක්ක නැතුව අතින් කඩන කතුරුමුරුංගා”

“අහලා නැද්ද මොරටු සොල්ලා බයිල කියනවා…. වහල තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා”

“රේල් පාරෙ මම යනකොට කඩල බදිනවා… කඩල ටිසක් ඉල්ලුවහම දෙමළි බනිනවා”

මෙවන් දෙපදයේ බයිලා එකල බාල මහලු කා අතරත් ජනප්‍රිය ගායන විශේෂයක් විය.

අපේ ජන කවිවල මෙන් මේවායේ පද රචකයත් අවිනිශ්චිත වන අතර පාරම්පරිකව සමාජය තුළ දෝලනය වෙමින් සමාජගත වූ සංස්කෘතිකාංගයකි. මෙවන් බයිලා ගායනයට එවකට මොරටු ප්‍රදේශය නම් දරා තිබුණි. එදා පාසල් සිසුන්ගේ විනෝද චාරිකාවල (පාසලින් බැහැරව ගිය මේ චාරිකා එදා හැඳින් වූයේ අධ්‍යාපන චාරිකා ලෙස නොව ‘විනෝද චාරිකා ලෙසිනි) මුඛ්‍ය පරමාර්ථය සිසු මනස සංතෘප්ත කිරීමට දායක වු කවි, ගී සීපද ගායනාවලට බයිලා ගායනයද එක්විය.

වත්මන් ප්‍රබල ජනසන්නිවේදන මාධ්‍යයෙන් තුළින් බයිලා ගීත. වාද බයිලා කපිරිඤ්ඤ බයිලා ගැයීම සම්බන්ධයෙන් විවිධ කතිකාවන් ගොඩ නැඟුණත් ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යය ප්‍රමුඛ කොටගත් විවිධ කලා සාධයක් පිළිබඳ පර්යේෂණවල නියැලී සිටින හා ඒවා පෝෂණය කිරීමට නිරතුරුව දායක වන විද්වතුන්ගේ මහසට හසු නොවූ පෑන් තුඩට යොමු නොවූ එක් ප්‍රබල සුවිශේෂී සංස්කෘතිකාංගයකි කොළඹ නගරයේ පැවති බයිලා නැටුම්.

කොළඹ නගරයේ පැවති බයිලා නැටුම බයිලා ගැටුම යනුවෙන් ව්‍යවහාර වුවත් ඇත්තෙන්ම එය බයිලා ගැටුම් සංදර්ශනයකි. වසර ගණනාවක්ම බයිලා නැටුම් දෙනෙතින් දැක හදවතින් රසවිඳි මගේ මතකයෙන් යම් යම් නර්තනාංග ගිලිහී ගොස් ඇතක් මෙවන් ගැටුම් විශේෂයක් සමාජගතව පැවති බව නූතන පරපුරේ දැන ගැනීම සඳහාත් වත්මන් වයෝවෘද්ධ ජ්‍යෙෂ්ඨ නාගාරික ජනතාවට තරුණ කල ලැබූ විනෝදාස්වාදය යළි සිහි ගැන්වීම සඳහාත් මේ ලිපිය සසස් කිරීමට සිතුණි.

හැටේ දශකයට පෙර කාලවකවානුවේ කොළඹ නගරයේ අති උත්කර්ෂවත් ලෙස සමරන ලද උත්සව දෙකකි, ‘නත්තල් උත්සවය’ හා ‘ජනේරු උත්සවය’. ‘ජනේරු’ යන වචනය වත්මන් පරපුරට නුහුරූ වචනයක් වනු නොඅනුමානය. ජනේරු යනුවෙන් කෙටියෙන් හැඳින්වූයේ ජනවාරි පළමු වැනිදා පවත්වන උත්සවයයි. ජාති, ආගම් මොනම භේදයකින්වත් තොරව ලෝකවාසී හැමදෙනාම පාහේ එකට සමරන එකම උත්සවය ‘ජනේරු’ උත්සවයයි. ලෝකයේ සියලු ජන කොට්ඨාසයවලටම එකවර උදාවන අවුරුදු උත්සවය එයයි වසරක් පුරා බොහෝ වෙහෙස මහන්සි වී වැඩකළ නාගරික තරුණ පිරිස් ජනේරු උත්සවයේ එක් විචිත්‍රවත් අංගයක් ලෙස බයිලා නැටුම් සංදර්ශන පැවැත්වූහ. දෙසැම්බර් මස 31 වැනි දින මධ්‍යම රාත්‍රියේ තොරතෝංවියත් නැතුව ඈසෙන රතිඤ්ඤා හා නැව්වල නලා ශබ්දය මධ්‍යයේ නැටුම් කණ්ඩායම දොරට වඩී. ගම්බදව රඟ දක්වන දෙවොල් මඩු, ගම් මඩු, කොහොඹ කංකාරිය මෙන් එක ස්ථානයක රඟ නොදක්වන බයිලා නැටුම ගෙන් ගෙට ගොස් රඟ දක්වන ලද නර්තනාංගයකි. මෙයින් දශක තුන හතරකට පෙර ජාතික සිත් විරිත් ඉතා ඉහළින් අගය කළ ආරක්ෂා කළ ජනතාවක් ජිවත් වූ කුඩා ගම් බොහොමයක් කොළඹ අග නගරයේ ද විය. මන්ද එවන් එක් ගම් පියසක් මගේ බාල කාලය නොවු බැවින් මේ සංස්කතිකාංගයෙන් කුල්මත් වීමේ වාසනාව ලැබුවෙමි.

නව අවුරුද්ද උදා වෙන්නට පෙර මෙම ගම්වල සිටි තරුණ කණ්ඩායම් වැඩිහිටියන්ගේ ද සහයෝගය ඇතිව බයිලා නැටුම් සංදර්ශනය සඳහා පුහුණු වන්නේ එළිමහන් බිමක හෝ නිවසකය.

මේ ලිපිය ලිවීමට පාදක කර ගත්තේ වර්තමානයේ මොඩ්ල් ෆාම් යන නමින් හැඳින් වෙන පැරැණි කපුහේන්තුඩුව යන ග්‍රාමයේ පවත්වන ලද වාර්ෂික බයිලා නැටුම් සංදර්ශනයයි.

එය ඉතා විචිත්‍රවත් ලෙස නගරයේ නැටුම් සංදර්ශනය හා නැටුම් කණ්ඩායම වන හෙයිනි. බයිලා නැටුම නර්තනාංග කිහිපයකින් සමන්විත විය. වාද්‍ය වෘන්දයට අයත් වූයේ පෙට්ටි සර්පිනාව, රවිකිඤ්ඤයක් හෝ වයලීනයක් හා අත් රබානක් වයන්නෙකු පමණි. රාත්‍රී කාලයේ ගෙන් ගොට ගොස් ගෙමිදුලේ රඟ දක්වන නර්තනාංගයක් වූ හෙයින් ආලෝකය සැපයුවේ පෙට්‍රල් මැක්ස් හා ඇලඩින් ලාම්පු දෙක තුනකිනි.

බයිලා නැටුම් සංදර්ශනය පැවැත්වූයේ ගමේ ප්‍රභූ පවුල් ජීවත් වූ නිවෙස් ඉදිරියේ පමණි. ඊට හේතු වූයේ සුදු වැලි අතුරන ලද විශාල ගෙමිදුලක් තිබීම රාත්‍රි කාල තුළ දී සීමිත දර්ශන වාර ගණනක් රඟ දැක්වීමට හැකිවීම, මුදල් ආධාර දීමේ හැකියාව යන කාරණාය. රටාවකට අමදින ලද ගෙමිදුල් එකල ආලෝකවත් වූයේ නිවසේ ඇති එකම ලොකු ලාම්පුව (ඇලඩින් හෝ පෙට්‍රල් මැක්ස් ) නිවස ඉදිරිපිට එළියේ එල්ලීමෙනි.

නැටුම් රහ නොදැක්වුවත් සංදර්ශනයට සහාය දක්වන රසික පිරිස පිරිවරාගෙන පැමිණෙන නැටුම් කණ්ඩායම නිවසේ ප්‍රධාන දොරටුව අබියස ගෙමිදුලේ ක්ෂණික රඟමඬලක් තනා ගන්නේ අර්ධ කවාකාරව සිට ගැනීමෙනි. ඉදිරියෙන්ම සිටින්නේ වාදක මණ්ඩලයයි. නැටුම් ශිල්පීන් පිරිස අතරේ නොපෙනී සිටින්නේ නැවුම් බවින් යුත් කව ප්‍රේක්ෂකයන්ට සිය නර්තනාංග ප්‍රදර්ශනය කිරීම සඳහායි. කණ්ඩායමට අයත් නැට්ටුවන් හැමදෙනාම පුරුෂ පක්ෂයම විය. කන්තා චරිත නිරූපණය කළේ ද කාන්තා වෙස්ගත් පුරුෂ පාර්ශ්වයයි. ප්‍රථමයෙන්ම රඟ දක්වන්නේ බහුබූත නැටුමයි. එය කෝලම් සම්ප්‍රදායේ එන කෝලමා හෙවත් බහුබුතයාට නෑකම් කියන්නකි.

කේතුවක ආකාරයේ දිග දිලිසෙන සරුව පිත්තල තොප්පියක් හිස පැළඳ පිජාමා කලිසමකින් හා අත්දිග පිජාමා කමිසයකින් සැරසුණු බහුබූතයාගේ මුහුණේ වත්සුණු තවරා කෝලම් ස්වරූපයක් ගන්වා ඇත. මොහු දෙ අත් දෙපයට දිගු කරගෙන දෙකකුල් ඉදිරියට විසි කරමින් ඉල්පෙමින් මිදුලේ රඟ මඬල පුරා රංගනයේ යෙදෙන්නේ,

“රා රා රා බොම්බියා – සුද්දා එනවා තංගියා, දොර වහපන් මල්ලියා – රපිට පං පං පං”

යන විසිඑ බයිලා ගීය ගයමිනි. මේ රංග විලාසය ප්‍රීතිය දනවනවා පමණක් නොව යුරෝපීය ආක්‍රමණ නිසා ලාංකේය සමාජයට ඇති වූ බලපෑම ද ව්‍යංගයෙන් කියා පායි. විනාඩි හතරක් පහක් රංගනයේ යෙදෙන මොහු දකුණතින් හිස පැළඳි තොප්පිය අල්ලාගෙන හිස නමා ආචාර කර සිය රංගනය නිමකර සෙනඟ අතරට වැදී නොපෙනී යයි.

ඊළඟට රඟ දැක්වූ නර්තනාංග අනුපිළිවෙළින් මගේ මතකයේ නැතත් අංග කිහිපයක් ගැන හොඳට මතකය. රෝස නෝනා ජවනිකාව ඉන් එකකි. යුරෝපීය කාන්තාවක මෙන් අත්දිග හැට්ටයක් හා රැලි තට්ටු කිහිපයක් සහිත දිග සායකින් සැරසී සිටින රෝස නෝනා ලස්සන කාන්තා තොප්පියක් හිස පළඳින්නීය. පිරිමියා යුරෝපියකු මෙන් දිග කලිසමකින් හා කමිසයකින් සැරසී ටයි බෝ එකක් පළඳියි. මේ රංගනයෙන් නිරූපණය වන්නේ කාන්තාවක පසුපස යන පිරිමියකුගේ විලාසයයි. රෝස නෝනා ආඩම්බරයෙන් ඉවත යන ආකාරයත්, තරුණයා ඇගේ ආදරය යදින ආකාරයත්, මන බඳිනා සුළුය. විශේෂයෙන් තරුණ කණ්ඩායම් සිත් ඇද බැඳ ගත් මේ රංගනයේ යෙදෙන්නේ “රෝස නෝනා මගේ පනේ….” යන බයිලා ගීය ගයමිනි.

“ජිම් ජිනිකන් තප්පු තප්පු බයිල පොළේ ඔට්ටු ඔට්ටු”

යන දෙප ද බයිලා ගීය ගයමින් කරන රංගනයක්ද මේ සංදර්ශනයට අයත් විය. එය රඟ දක්වන්නේ අඹරන ලද අමු කහ සිරුර පුරා තවරාගත්, මේස් බැනියම් රෙද්දෙන් මසන ලද අත්දිග බැනියමක් හා කලිසමක් අඳින ලද පිරිමි දෙදෙනෙකි. මොවුහු විසුළු ස්වරූපයක් ගැනීම සඳහා කලිසමට උඩින් කොට ජංගි කලිසමක් ඇන්දහ. මොවුන් අනේ කෙවිටක් ද වෙයි. මේ කෙවිට දෙකොනින් අල්ලාගෙන එහා මෙහා කරමින් උරහිස් නටවමින් කාලයට පා තබමින් කරන මේ රංගනය වඩිග පටුන නර්තනාංගය සිහි ගන්වයි.

කාපිරි නැටුම් කුඩා දරුවන් බිය ගැන්වූ, හැඩවූ නර්තනාංගයයි. මේ කර්තනාංගයට සහභාගි වූයේ වෙස් ගැන්වූ කාපිරි ජෝඩුවකි. ඔවුනගේ සිරුර පුරා තෙල් මිශ්‍ර පහන් දැලි තවරා ඇති අතර දෙකොල් හා ඇස්වට කැපී පෙනෙන සේ සුදු පාටින් පාට කර තිබුණි. කාපිරි කාන්තාවගේ දිග ගවුම් සුසුපාට බින්දු හෝ කුඩා මල් සහි රෙද්දකින් මසන ලද්දකි. පිරිමියා කළු පාට දිග කලිසමක් හා කමිසයක් ඇඳ සිටියේය. දෙදෙනාම හිස්වල කළු පාට කාන්තා හා පිරිමි තොප්පි පැළඳ සිටියහ. කාපිරි පිරිමියා අත කළු පාට බස්තමක්ද විය. මොවුන් රංගයේ යෙදෙන්නේ, කාපිරියා හුවා බකා” යන බයිලා පදයක් දෙතොලින් මුමුණමිනි. මැනවිත් දෙතොල් චලනය කරමින් කරන මේ රංගනය අති විශිෂ්ට රංගනයකි, ක්ෂණික රඟමඩල සිසාරා පැතිරෙන අන්ධකාරය මොවුනගේ බියකරු බව තීව්‍ර කරයි. ගමේ බොහෝ කුඩා දරුවන් මෙන් මාද වයස අවුරුදු තුන හතරක දැරිවියක්ව සිටියදී මේ දෙපළට බියෙන් මරහඬ දී හැඩුවා මට හොඳ හැටි මතකය. ඒ නිසාම සමහර ගෙහිමියන් මේ නර්තනාංගය ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා සිටි අවස්ථාද විය.

සංදර්ශනයේ අවසාන ජවනිකාව වුයේ නාටිකාංගනාවගේ තැටුමයි. ඇය ඉතා ලස්සන යුවතියක් ලෙස වේශ නිරූපණය කරන ලද තරුණයෙකි. සිතුවින්ස් හා පබළු අල්ලා හැඩ වැඩ කරන ලද දිලිසෙන හැට්ටයකින් හා සායකින් හෝ සාරියකින් සැරසි සිටියාය. සාරිය හෝ සාය වෙනස් වන්නේ කවර හේතුවක් නිසා දැයි නිශ්චිතව නොදන්නා නමුත් සපයා ගත හැකිවන ඇඳුම් අනුව වෙනස් වූ බව සිතමි. හැට්ටය ඇන්දේ බඩ පෙනෙන ලෙස ය. ඇගේ ඇඳුම් කණ්ඩායමේ අනෙක් ශිල්පීන්ගේ ඇඳුම්වලට වඩා බොහෝ විසිතුරු ආකර්ෂණීය වු වැඩි මුදලක් වැයකර පිළියෙල කරගත් එකකි. ඇගේ ස්වභාවයද ඉතා පියකරුය. මුහුණේ වත්සුණු තවරා දේතොල් රතුකර කම්මුල් රෝස පැහැ ගන්වා තිබුණි. දෙනෙත් අග කළු පාටින් හැඩගන්වහ ලද අතර නියපොතුද රතු පැහැ ගන්වා තිබුණි. එකල තිබුණේ රතු පාට හා රෝස පාට නිය ආලේපන කියුටෙක්ස් පමණි. හිස මුදුකට කර සකසන ලද කොණ්ඩා මෝස්තරය පබළු හා මුතු වැල්වලින් අලංකාර කර තිබිණි. දිග එල්ලෙන තෝඩු කණට දමා බෙල්ලේ ලස්සන මාල පැළඳ සිටි ඇය අත් පිරෙන්නට වීදුරු වළලු පැළඳ සිටියාය. තාලයට දෙඅත් චලනය කරමින් නටන විට ඒ වළලුවලින් සංගීත රාවයක් පිටවිය. සම්භාර විට මේ වළලු බි‍‍ඳෙන අවස්ථා ද තිබිණි. ඇගේ රංගනය සඳහා මනරම් හින්දි ගී තනුවක් වාදනය විය. සමහර වර්ෂවල දී මේ චරිතය සඳහා කපුහේන් ග්‍රාමයට ආසන්නයේ තිබුණු වැලිකඩ රංගන ශිල්පීහු සහභාගී වූහ. නාරි ලාලිත්‍යයෙන් විනාඩි හතරක් හෝ පහක් රංගනයේ යෙදෙන මේ තරුණයා එය අවසානයේ ගෙහිමියා අසළට ගොස් බොහෝ ගරු සරු ඇතිව ආචාර සමාචාර පවත්වන්නේ තුටු පඬුරු ලබා ගැනීමටයි. ගෙහිමියාද ලියුම් කවරයක මහාලභ මුදලක් කාන්තාවක ලෙස රංගනයේ යෙදෙන මේ තරුණයා අත තබයි.

එම මුදල් ත්‍යාගය රැගෙන සෙනස අතරට වැදි නොපනී යන ගොස් එය කණ්ඩායම් නායකයා අතට දෙයි. මෙසේ ලැබෙන මුදලින් සුළු වියදම් පියවා ඉතුරු මුදල කණ්ඩායමේ සාමාජිකයන් අතර බෙදා ගන්නේ බොහෝ සුහදගිලිඩය.

බයිලා නැටුම් සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් කණකර ආභරණ වේශ නිරූපණ අඩු වැවිය හා කෑම බිම නොමිලයේ සැපයෙන නිසා වියදම් අඩු වේ. පුහුණුවන කාලයේ පවා කෑම බිම නොමිලයේ සැපයෙයි. මේ සඳහා පොළඹ රැජනීය ගෝල්ෆ් ක්‍රිඩා සමාජියෙන් (ටෝරින්ටන්හි පිහිටි “ලේඩීස් ක්ලබ්” එකද ඇතුලුව) වෙතින් ලැබෙන සහාය සිහිපත් කළ යුතුය.

මෙලෙස එක තැතකට ප්‍රේක්ෂකයන් රැස් නොතර, ගමක තරුණ හා වැඩිහිටි පිරිසක් ද පිරිවරාගෙන ගෙන් ගෙට ගොස් පවත්වත ලද මෙවන් නැටුම් සංදර්ශනයක් මා දන්නා තරමින් නම් තවත් නොමැක එහි අංග කිහිපයක් ගැන මගේ පැහැදිලි මුතකයක් නැති නිසා මතකයේ ඇති අය වෙතොත් ඌණ පූරණයක් කරන්නේ නම් කෘතඥ වෙමි.

අතීතයේ මේ සඳහා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයෙන් ලැබුණු අප්‍රමාණ වූ සහාය නිසා කපුහේන්තුඩුව ගම බයිලා නැටුම් කලාවට පුසිද්ධ විය. ඒ නිසා අවට ගමවාසීහු මෙය නැරැඹීමට පැමිණි යහ. බයිලා කැටුම් කණ්ඩායම සිරිතක් ලෙස සිය මංගල දර්ශන වාරය පවත්වන‍්නේ ගොල්ෆ් ක්‍රීඩා සමාජය ඉදිරිපිටය.  

අලුත් අවුරුද්ද සැමරීම සඳහා කා බී විනෝද වෙමින් බාල් භටමින් රෑ පහන් කරන දේශීය හා විදේශීය ඉහළ පැලැන්තියේ වැඩිහිටියෝ (එදා ළමුත් මේ බාල් නැටුම් සඳහා සහභාගි කර ගැනීමේ සිරිතක් හොතිබුණි) බයිලා නැටුම් බලා බොහෝ ප්‍රීති වූහ ඇඳුම් පැළඳුම් හා වේග නිරූපණ අඩුවැඩිය නොමිලයේ සැපයු ඔවුහු තුටුපඬුරැ දීමට ද අහිතස නොකළහ අද ද ගොල්ෆ් ක්‍රීඩා පිටිය හා ක්‍රීඩා සමාජය කපුහේන්තුඩුව ගමේ විරාජමාන වූවක්, බයිලා නැටුම් තණ්ඩායම් හා එම භාර්ථනාගය අභාවයට ගොසිනි.

ලලිතා අමරසිංහ

(2009 ජූලි මස 08 වැනි දා දිවයින බදාදා අතිරේකයේ පළ වූ ලිපියකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!