-0.7 C
New York

දියණිය බිලි දුන් අම්මාත්, අනියම් සැමියාත් අධිකරණයට

Published:

බාල වයස්කාර දියණිය අතවර කිරීමට සිය අනියම් සැමියාට ආධාර අනුබල දුන් මවක් සහ එලෙස අතවර කළ තැනැත්තකු අද (09) වැලිසර මහේස්ත්‍රාත් අධිිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව රාගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි කාන්තාවක් සහ 45 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. පොලිසිය පවසන්නේ එම කාන්තාවගේ දියණිය පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

දියණිය මේ වනවිට 18 වැනි වියේ පසුවන අතර ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමන් 13 වැනි වියේ පසුවන කාලයේ සිට තම මවගේ අනියම් සැමියා විසින් මවගේ ද කැමැත්ත මත තමන්ට අතවර කළ බවයි.

පියා විදේශ ගත වී සිටින බවත් එලෙස ඔහු විදේශගත වූ පසු තම මව විවිධ කුලී නිවාසවල පදිංචිවෙමින් ඇගේ අනියම් සැමියා ඇසුරු කළ බවත් තමන්ට කිසිවක් නොතේරෙන කාලයේ පටන් ඔහු තමන්ට අතවර කළ බවත් මවටත් ඇගේ හිතවතාටත් ඇති බිය නිසා කිසිවෙකුට ඒ ගැන නොකී බවත් මේ දියණිය පොලිසියට පවසා තිබේ. මෙම කරදර ඉවසාගත නොහැකි බැවින් අවසානයේ එය තම පියාට පැවසූ බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

දියණිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව මව පොලිසියට කැඳවා ඇයගේ දුරකථනයෙන් ඇගේ අනියම් සැමියා බව කියන තැනැත්තාට ඇමතුමක් දී ඔහු ද පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන තිබේ.‍

සැකකරුවන් දෙදෙනා අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img