-3.4 C
New York

“රටේ ප්‍රශ්න විසඳන්න දායක වෙන්න” ජනාධිපති අරගලකරුවන්ට කියයි

Published:

රටේ අර්බුදය විසඳීමට අරගලයේ සිටින තරුණ තරුණියන් සියලු දෙනා හැකි සෑම ආකාරයෙන් ම දායක කරගැනීමට තමන් සූදානම් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (05) ගාලු මුවදොර අරගලයේ පාර්ශව කරුවන් පිරිසකට කීවේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ අරගලකරුවන් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්ධනය වෙනුවෙන් ම කටයුත කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින් නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවට පැමිණි පිරිසට කියා තිබේ.

අරගලයේ සියලු කණ්ඩායම් නියෝජනය වන පරිදි පොදු එකඟතාවක් සහිත නියෝජිතයන් කණ්ඩායමක් සකසා ගන්නා ලෙසත් එයට සියලු ජාති සහ ආගම් නියෝජනය කරන කාන්තාවන් ද ඇතුළත් පිිරිසක් අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img